User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

උඩු ගුවනට යන ප්‍රථම චීන කාන්තා අභ්‍යවකාෂගාමියා...
Written by Kaushal Senanayaka   
Saturday, 16 June 2012 12:39

 

අද දින (16) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 04:07 ට (10:37 UTC) චිනය විසින් ගගනගාමින් තිදෙනෙකු සහිත "ෂෙන්ෂූ 9" (Shenzhou 9) අභ්‍යවකාශ යානය අභ්‍යවකාශගත කිරීමට නියමිතයි. ඒ "ටියන්ගොන් 1" (Tiangong 1)  අභ්‍යවකාෂ විද්‍යාගාරය කරායි. මේ අභ්‍යවකාෂ කණ්ඩායමේ සාමාජිකයන් වෙන්නේ ප්‍රථම චීන කාන්තා අභ්‍යවකාෂගාමීයා වන ලියු යැන්ග් (Liu Yang), ජින් හේපෙන්ග් (Jing Haipeng) සහ අණදෙන නිළධාරියා වන ලියු වැන්ග් (Liu Wang) ය.

දිව‍ය මාළිගාව යන තේරුම ඇති ටියන්ගොන් අභ්‍යවකාෂ විද්‍යාගාරය 2011 දී අභ්‍යවකාෂගත කෙරුණු අතර ඒ සඳහා යැවෙන ප්‍රථම මිනිසුන් සහිත මෙහෙයුම වන්නේ මෙයයි.

බටහිර චීනයේ ගෝබී කාන්තාරයේ ඇති අභ්‍යවකාෂගත කිරීමේ මධ්‍යස්ථානයේදී ෂෙන්ෂූ 9 යානය අභ්‍යවකාෂගත කිරීමට නියමිතයි.

යැන්ග් වයස 33 ක ප්‍රහාරක ගුවන්යානා නියමුවෙක් වන අතර 2010 මැයි මාසයේ සිට චීන අභ්‍යවකාෂ මෙහෙයුම් හා සම්බන්ධව ක්‍රියාකරයි. තමාටත් අනෙක් පිරිමි අභ්‍යවකාෂගාමීන් ලෙසම හොඳින් වැඩ කරගෙන යා හැකි බව ඇය මෙම මෙහෙයුමට පෙර පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කර තිබුණා.

"මම අනෙක් පිරිමි අභ්‍යවකාෂගාමීන්ගෙන් වෙනස් වන්නේ නැහැ.ඔවුන් තරම්ම හොඳට වැඩ කරගෙන යාමේ හැකියාවක් මට තියෙනවා. මම වීර්යය ගැන විශ්වාස කරනවා. ඔබ නොපසුබට වීර්යයෙන් ක්‍රියා කලොත් ඔබේ සාර්ථකත්වය කරා ඔබට ලේසියෙන්ම ළඟා වන්නට පුළුවන්"ඒ යැන්ග් ගේ අදහසයි.

සිය මෙහෙයුම පිළිබඳවත් අභ්‍යවකාෂගාමීන් තිදෙනා මාධ්‍ය හමුවේදී අදහස් පළ කර තිබුණා."යානය අභ්‍යවකාෂ විද්‍යාගාරය හා සම්බන්ධ වීම සිදු වන්නේ ස්වංක්‍රීය ක්‍රමයට නෙමෙයි. මෙය ඉතා විශාල අභියෝගයක්. නමුත් අපි මේ ගැන 1500 වාරයක් පමණ පුහුණුවීම් කර තිබෙනවා......අපි තුන්දෙනා අතරා හොඳ සම්බන්ධයක් තිබෙනවා.මුහුණෙන් දක්වන සුළු හැඟීමකින්.සුළු චලනයකින් පවා අපිට එකිනෙක තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා."ඒ ජින්ගේ අදහසයි.

ෂෙන්ෂූ 9 යානය අභ්‍යවකාෂ විද්‍යාගාරයට ළඟා වූ විට අභ්‍යවකාෂගාමී කණ්ඩායම විසින් යානය සහ විද්‍යාගාරය එකිනෙක සම්බන්ධ කරනු ඇති. නමුත් අනාගත මෙහෙයුම් වලදී මෙය ස්වයංක්‍රීයව සිදුවීමට සලස්වන බව චීන අභ්‍යවකාෂ ඒජන්සිය ප්‍රකාශ කර සිටී.

සමහර වාර්තාවල පළ වන්නේ ශෙන්ෂු යානයට ඇත්තේ පොදු සම්බන්ධ වීමේ පද්ධතියක් (docking system) බවයි. එනම් අනාගතයේදී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) හා සම්බන්ධ වීමට ආරාධනා ලැබුවහොත් ඒ සඳහාත් චීනය සූදානම් බවයි.

අභ්‍යවකාෂගාමීන් විසින් විද්‍යාගාරය තුළ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ කිහිපයක යෙදීමට නියමිතයි.

ඉහළ ඡායාරූපය: චීන ගගනගාමීන් වන Jing Haipeng (මැද), Liu Wang  (දකුණේ), Liu Yang (වමේ) ඊයේ (15) චීනයේ ජීකුවාන් වලදී මාධ්‍ය හමු වූ අවස්ථාව.Credit: Xinhua/Wang Jianmin

පහළ ඡායාරූපය : ටියන්ගොන් 1 අභ්‍ය්වකාෂ විද්‍යාගාරය සමඟ සම්බන්ධ්වීමට එන ෂෙන්ෂූ 9 යානාවා සිත්තර ඇසින්...Image Credit: CNSA

Universe Today ඇසුරිනි...

 

Add comment


Security code
Refresh

Related Articles