User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

2009 ජුලි මාසයේ අහස
Written by Anuradha Jayathilaka   
Thursday, 09 July 2009 08:10

ප්‍රථම සඳ මත පා තැබීමේ 40වන සංවත්සරය සමරන මෙම මාසයේ අහස සූර්ග්‍රහණයකින් සහ උල්කාපාත වර්ශාවකින් සැරසී ඇත.


මෙම මාසය පුරාවටම බුධ ග්‍රහයා නිරීක්ෂනය කිරීම අපහසු වන අතර සිකුරු සහ අඟහරු, මාසයේ මුල් කාලය තුල පෙ.ව.4ට පමණ උදා වී, සූර්ය උදාව තෙක්ම නිරීක්ෂණය කළ හැක. සිකුරුගේ දීප්තවිශාලනය -3 සහ -4 අතර අගයන් ගන්නා අතර අඟහරු 1කට ආසන්න දීප්තවිශාලත්වයක් දරයි.

බ්‍රහස්පති ග්‍රහයා ප.ව.10ට පමණ නැගෙනහිරින් උදාවන අතර සූර්යයා උදාවීම දක්වා නිරීක්ෂණය කළ හැකි ය. බ්‍රහස්පති ග්‍රහයා කුම්භ (Aquarius) රාශියේ පිහිටයි.

සෙනසුරු ග්‍රහයා ප.ව. 8ට පමණ බටහිර අහසෙන් නොපෙනී යන අතර හිරු බැස ගිය පසු බටහිර අහස ආලෝකමත් කරනු ඇත.



සූර්යයා සහ චන්ද්‍රයා ගැන කතා කරන්නේ නම් ජුලි මස 22වන දින සූර්යග්‍රහණයකි. මෙය ලංකාවේ සිටින අපට එතරම් හොඳින් දර්ශනය වෙතැයි සිතිය නොහැක. එදින පෙ.ව. 5.14ට ග්‍රහණය ආරම්භ වනු ඇත. මෙම අවස්ථාවේ සූර්යයා ක්ෂිතිජයෙන් ඔබ්බෙහි පිහිටන නිසා ග්‍රහණයේ මුල් අවස්ථාව දැකගත නොහැක. සූර්යඋදාව සිදුවන්නේ පෙ.ව. 6.10 පමණ ය. කෙසේ වෙතත් ග්‍රහණයේ අවසානය සිදුවන්නේ පෙ.ව. 7.15ට පමණ වන බැවින් උස් ස්ථානයකට වී නිරීක්ෂණය කලහොත් ග්‍රහණයේ අවසන් අදියරය හෝ නිරීක්ෂණය කළ හැකිවනු ඇත.

ජුලි 28 සහ 29 වන දිනවල රාත්‍රියේ උල්කාපාත වර්ෂාවකි. මෙය Southern Delta Aquarids ලෙස හඳුන්වනු ලබන අතර කුම්භ රාශිය පසුබිම්කොටගෙන දර්ශණය වේ. ඉහත කී දින වලදී රාත්‍රී 11න් පමණ පසුව නිරීක්ෂණ කටයුතු සිදුකලහොත් පැයකට උල්කා 10ත් 15ක් අතර ප්‍රමාණයක් දැකගත හැකිය.

stellarium ඇසුරින් සකස් කලේ අනුරාධ ජයතිලක

 

Add comment


Security code
Refresh

Related Articles