Events of the month

<<  September 2010  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3  4  5
  6  7  8  9101112
13141516171819
20212223242526
27282930   

Story of the background image

රොසෙටා නිහාරිකාවේ ධූලි පිළිම


Credit & Copyright: Ignacio de la Cueva Torregrosa

රොසෙටා නිහාරිකාවේ මෙම ධූලි පිළිම ඇතිවී ඇත්තේ කුමක් නිසා ද? රොසෙටා නිහාරිකාවේ මෙම ප්‍රදේශය NGC 2244 ලෙසද හැඳින්වේ. අසල ඇති විශාල තරු වල සුළං නිසා ඉන් ඉවත් වෙමින් පවතින මෙම ධූලි වලා අනාගතයේදී නව තරු සහ ග්‍රහලෝක තැනීමට මුල් වනු ඇත. මෙම ඡායාරූපය රතු පැහැයෙන් සල්ෆර් ද, කොළ පැහැයෙන් හයිඩ්‍රජන් ද, නිල් පැහැයෙන් ඔක්සිජන් ද නිරූපණය කරයි. රොසෙටා නිහාරිකාව ආ.ව. 50ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර පෘථිවියේ සිට ආ.ව. 4500ක් ඈතින් මොනෝසෙරස් රාශිය තුල පිහිටා ඇත.

We're on Twitter

අහස හදුනාගනිමු
Written by Anuradha Jayathilaka   

සෑම රාත්‍රියකම හිරු බැස ගිය පසු අහස පුරා මතුවන්න‍ට පටන් ගන්නා තරු කැට මනරම් දර්ශණයකි. මේ තරු සියල්ල අප ජීවත්වන ක්ෂිරපථය නම් මන්දාකිණියේ කොහේ හෝ ඇති ඒවාය. තාරකා විද්‍යාවට අවතීර්ණ වන අයකුට ආරම්භයක් ලෙස කල හැකි මුල්ම දේ නම් මෙම තරු පියවි ඇසින් නිරීක්ෂණය කිරීමය.අද රාත්‍රී අහස පැහැදිලි නම් ඔබට තාරකා රාශි කීපයක් හදුනාගත හැකිවනු ඇත.


ඔරායන් තාරකා රාහිය

රාත්‍රී අහස දෙස බලන ඔබට ඔරායන් රාශිය හදුනාගත හැකිද? ඔරායන්ගේ බදපටියට අදාල තරු ත්‍රිත්වය ඔබට ඉක්මනින්ම හදුනාගත හැකිය. ඔබට ඔරායන් සොයාගත නොහැකි නම් කණගාටු නොවන්න. සමහර විටක ඔබ අහස නිරීක්ෂණය කරනු ලබන වේලාව අනුව ඔරායන් දැකගත නොහැකි වීමට ඉඩ ඇත. කෙසේ වෙතත් තාරකා රාශි යනු අහසේ ප්‍රදේශ ඉක්මනින් හදුනාගත හැකි වන ලෙස පසු කලකදී බෙදා වෙන්කරගන්නා ලද කොටස් ය. මෙවැනි කොටස් හෙවත් තාරකා රාශි 88ක් ඇත. මෙම තාරකා රාශි හදුනා ගැනීමට තාරකා සිතියමක් භාවිතා කල හැක.

විවිධ තරු විවිධ දීප්තතාවයන්ගෙන් යුක්ත බව තරු නිරීක්ෂණය කරන ඔබට අවබෝධ විය හැකිය. තාරකා විද්‍යාඥයින් තරු ඒවායේ දීප්තිය අනුව වර්ග කරයි. ඒ අනුව දීප්තිමත්ම තරු දීප්තවිශාලත්ව 1 වන අතර අඩුම දීප්තියෙන් යුත් තරු දීප්තවිශාලත්ව 6 වේ. අනෙක් තරු මේ අතරමැදි අගයන් ගනියි. මෑතකදී නම් මෙම තරු වල දීප්තතාවයන්ගේ කුඩා වෙනස්කම් සදහා දශමස්ථාන භාවිතා කරන අතර සමහර විටක සෘන අගයන්ද භාවිතා කරයි. මෙහිදී මතක තබා ගත යුතු දෙයනම් දීප්තවිශාලත්ව වැඩි තරු යනු දීප්තිය අඩු එනම් දැකීමට අපහසු තරුයි.

වෘෂභ රාශියේ පිහිටා ඇති හත්දින්නත්තරු හෙවත් pleiades

බොහෝ තරු, ඒවා තාරකා රාශියේ පිහිටන ස්ථානය අනුව නම් කර ඇත. උදාහරණයක් ලෙස ඔරායන්ගේ වම් දණහිසෙහි ඇති තරුව රිජෙල් (Rigel) නම් වේ. මෙහි අර්ථය අරාබි බසින් "යෝධයාගේ වම් පාදය" යන්නයි. ඔබ මිට මෙලවූ අත හැකිතාක් දිගුකොට අහස දෙසට යොමුකල විට අතෙහි ඇගිලි පහෙහි පලල තරම් දුරක් (අංශක 10ක්) පැයක් තුල දී තරු බටහිර දෙසට චලනය වෙයි. ඔබ උතුරු හෝ දකුණු ක්ෂිතිජයේ ඇති තරු රටා නිරීක්ෂණය කලහොත් ඒවා ධ්‍රැව වටා භ්‍රමනය වන බව පෙනේවි. මීට අමතරව දින ගතවන විට සියලුම තරු රාශි බටහිර දෙසට ක්‍රමයෙන් චලනය වේ. මෙම සියලුම චක්‍ර සදහා හේතු වන්නේ පෘථිවිය තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ්‍රමණය වීමයි.

තරු මෙන් ග්‍රහලෝක එකම පිලිවෙලටම දැකගත නොහැකිය. නමුත් සියලුම ග්‍රහලෝක අහසේ එක්තරා ගමන් පථයක් ඔස්සේ යනු දැකිය හැකිය. මෙය ක්‍රාන්තිවලය (ecliptic) නම් වේ.මෙය සැබැවින්ම ග්‍රහලෝක ගමන් කරන මග නොව පෘථිවියේ භ්‍රමන චලිතය තරු මත ප්‍රක්ෂේපණය කිරීමකි. තරු සිතියමක් ගත් කල ඔබට ක්‍රාන්තිවලය ඉතාමත්ම පහසුවෙන් සොයාගත හැකිය.

 

 

 

 

 

 

 

 


චන්ද්‍රයා සිකුරු සහ අගහරු (පහල)


බුධ (Mercury) සහ සිකුරු (Venus) යන ග්‍රහලෝක වල සිට සූර්යයාට ඇති දුර පෘථිවියේ සිට සූර්යයාට ඇති දුරට වඩා අඩුවන බැවින් නිතරම බුධ සහ සිකුරු සූර්යයා සමගම උදා වී සූර්යයා සමගම බැස යයි. විශේෂයෙන්ම බුධ ග්‍රහයා දැක ගැනීමට ඉතාමත්ම අපහසු ය.



චන්ද්‍රග්‍රහණයකදී චන්ද්‍රයා තඔ පැහැයෙන් දිස්වන අයුරු

පිටත ග්‍රහලෝක සෙමෙන් චලනය වන නිසා (ඒවාට ඇති දුර සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුරට වඩා වැඩි නිසා) ක්‍රාන්තිවලය හරහා ඒවා දීර්ඝ කාලයක් නිරීක්ෂණය කල හැකිය. විශේෂයෙන් අගහරු (Mars), බ්‍රහස්පති (Jupiter) සහ සෙනසුරු (Saturn) මෙලෙස පියවි ඇසින් දැකගත හැකි වස්තූන්ය. මීට ඔබ්බෙන් ඇති යුරේනස් (Uranus) සහ නෙප්ටූන් (Neptune) දැකගැනීමට නම් දුරේක්ෂයක අධාරය අත්‍යවශ්‍ය වේ. පියවි ඇසින් දැකගත හැකි අනෙක් ග්‍රහ වස්තුව නම් චන්ද්‍රයා යි. දින 28ක් ඇතුලත චන්ද්‍රයාගේ කලාව වෙනස් වේ.

රාත්‍රී අහස නිරීක්ෂණය ඉතාමත්ම පහසු කටයුත්තකි. ඔබට අවශ්‍ය මුලික දැනුම සහ ඕනෑකම පමණි. අහස නිරීක්ෂණයට දුරේක්ෂයක් අත්‍යවශ්‍ය වන්නේ නැත. දුරේක්ෂයක් භාවිතයෙන් තොරව කල හැකි නිරීක්ෂණ බොහොමයකි.

 

Add comment


Related Articles