User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

2009 අගෝස්තු මාසයේ අහස
Written by Anuradha Jayathilaka   
Wednesday, 05 August 2009 21:41

මේ මාසය පුරාවට බුධ ග්‍රහයා සූර්යයා සමඟම ගමනේ යෙදෙන බැවින් නිරීක්ෂණය කල නො‍හැක.


සිකුරු ග්‍රහයා පාන්දර 3.30 පමණ සිට නැගෙනහිර අහසේ දැකගත හැකිය. සිකුරුගේ දීප්ත විශාලනය -3.8ක් පමණ වේ. මීට හේතුව වන්නේ සිකුරුගේ කලාව පිරෙමින් පවතින නිසා ය.

අඟහරු ග්‍රහයා වෘෂභ රාශිය ආශ්‍රිතව පාන්දර 2ට පමණ උදාවන අතර දීප්තතාවය 1.2ක් පමණ වේ. අගෝස්තු 16වන දින අඟහරු සහ චන්ද්‍රයා අංශක 3ක් දුරින් දර්ශණය වේ.

බ්‍රහස්පති ග්‍රහයා මුළු රාත්‍රී කාලය පුරාම කුම්භ රාශියේදී අහසේ දැකිය හැකි ය. එහි දීප්තතාවය -2.4ක් පමණ වේ.

සෙනසුරු ග්‍රහයාගේ දීප්තතාවය 1.3ක් පමණ වන අතර එය සූර්යයා බැස යාමෙන් පසුව බුධ සමඟම බටහිරින් බැස යයි. මේ නිසා නිරීක්ෂනය කිරීමට අපහසු ය. කෙසේ වෙතත් දුරේක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණය කලහොත් මාසය අග වන විට සෙනසුරුගේ වළලු ක්‍රමයෙන් නොපෙනී යනු ඇත.

අගෝස්තු මාසයේ 11-12 යන දින වල උල්කාපාත වර්ශාවකි. පර්සියස් රාශිය පසුබිම්කරගනිමින් පර්සීඩ්ස් උල්කාපාත වර්ශාව 12වන දින සිදුවේ. පාන්දර 2.00ට පමණ පර්සියස් රාශිය ඊසාන දිශාවෙන් උදාවන අතර හිරු නැග ඒමට ප්‍රථම නිරීක්ෂන සිදුකල හැකි ය. ස්විෆ්ට් ටටල් වල්ගාතරුව නිසා ඇතිවන මෙම උල්කාපාත වර්ශාවේදී පැයකට උල්කා 25ක් පමණ දැක ගත හැකිය.

stellarium ඇසුරින් සකස් කලේ අනුරාධ ජයතිලක

 

Add comment


Security code
Refresh

Related Articles