User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

2009 ඔක්තෝම්බර් මාසයේ අහස
Written by Anuradha Jayathilaka   
Wednesday, 30 September 2009 19:05
හිරු බැස යාමත් සමඟම ඔරායන්, කානිස් මේජර් (මහ බල්ලා) සහ ටෝරස් (වෘෂභ) ප්‍රමුඛ තරු රටා වලින් සැරසෙන ‍ඔක්තෝම්බර් මාසයේ අහස මාසය මැදදී ඇතිවන උල්කාපාත වර්ශාවකින්ද සමන්විතය.

මේ දිනවල සූර්යයා තම සූර්ය ලප චක්‍රයේ ලප අඩුවෙන්ම දක්නට ලැබෙන කාලය පසුකරමින් සිටින බැවින් ක්‍රමක්‍රමයෙන් සූර්ය ලප දැක්වෙන්නට පටන්ගෙන ඇත. මේ නිසා ඉදිරි කාලයේදී සූර්යලප දැකගත හැකිය. මේ දිනවලද සූර්යයාගේ දක්ෂිණ අර්ධගෝලයේ සූර්ය ලප දැකගත හැකිය.

අවවාදයයි - සූර්යයා දෙස සෘජුව බැලීමෙන් ඔබේ ඇස් සදාකාලික ලෙස හෝ පාර්ශවික ලෙස අන්ධ භාවයට පත්විය හැකිය. උපකරණ ආධාරයෙන් හෝ එකදිගට නිරීක්ෂණය නොකරන්න. සූර්යයා නිරික්ෂණය සදහා ඒ සදහා විශේෂයෙන් සාදන ලද ඇස් කණ්නාඩි භාවිතා කළ යුතු වේ. අව්කණ්නාඩි මේ සඳහා භාවිතා කල නොහැක. දුරදක්නයක් භාවිතා කරන්නේ නම් එයට Solar filter එකක් සවිකල යුතුවේ. එසේත් නැත්නම් උපනෙත ආසන්නයේ තිරයක් තබා ලැබෙන ප්‍රක්ෂේපණය නිරික්ෂණය කළ හැක.

සිකුරු සහ බුධ ග්‍රහයින් සූර්යයා සමඟ ගමනේ යෙදෙන නිසා මේ දිනවල නිරීක්ෂණය කිරීම අපහසුය. කෙසේ වෙතත් ඔබට ක්ෂිතිජය ඉතාමත්ම හොඳින් දර්ශණය වේ නම් ක්ෂිතිජයට ආසන්නයෙන්ම ඒවා දර්ශණය වේ. සිකුරුගේ දීප්තතාවය -3.7ක් පමණ වේ.

අඟහරු ග්‍රහයා ජෙමිණි (මිථුන) රාශිය පසුබිම්කොටගෙන දර්ශණය වන අතර දීප්තතාවය 0.5ත් 0.8.ත් අතර අගයක් දක්වයි. ඔක්තෝම්බර් 12වන දින පෙ.ව 6.30ට පමණ අඟහරු සහ චන්ද්‍රයා ඉතාමත්ම සමීපව දර්ශණය වේ.

සෙනසුරු‍ගේ දීප්තතාවය 1.4ක් පමණ වන අතර මාසය මුලදී සූර්යයා සමඟම දර්ශණය වුවත් මාසය අග වන විට හිරු නැග ඒමට ප්‍රථම නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් සෙනසුරුගේ වළලු මේ දිනවල දක්නට ලැබෙන්නේ අප දෙසට මදක් ලම්භකව ය.

බ්‍රහස්පති තවදුරටත් මකර රාශිය තුලම පිහිටන අතර එහි දීප්තතාවය -2ක් පමණ වේ. හිරු බැස යාමෙන් පසුව රාත්‍රී 12 පමණ වනතුරුම බ්‍රහස්පති නිරීක්ෂණය කල හැකිය.

මේ මාසයේ අහස උල්කාපාත වර්ශාවකින්ද සමන්විත ය. ඔරායන් රාශිය පසුබිම්කරගනිමින් ඇතිවන ඔරායනිඩ්ස් උල්කා වර්ශාව ඔක්තෝම්බර් 21 සහ 22 යන දිනවල උච්චතම අවස්ථාවන් පෙන්නුම් කරයි. ඔරායන් රාශිය රාත්‍රී 10න් පසුව උදාවී පසුදින පහන්වන තුරුම දර්ශණය වේ. මෙම කාලය ඇතුලත ‍විශේෂයෙන්ම රාත්‍රී 12න් පසුව උල්කාපාත අධිකතම ලෙස දර්ශණය වේ. ‍හැලීගේ ධූමකේතුව නිසා ඇතිවන මෙම උල්කාපාත වර්ශාව තුලදී පැයකට උල්කා 25ක් පමණ දැකගත හැකිය. මෙම කිහිපය තුල ඔරායන් රාශිය අසලින් චන්ද්‍රයා දර්ශණය නොවන නිසා නිරීක්ෂණයට ඉතා පහසුය.

stellarium ඇසුරින් සකස් කලේ අනුරාධ ජයතිලක විසිනි.

 

Add comment


Security code
Refresh

Related Articles