User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

2010 ජනවාරි මාසයේ අහස
Written by Anuradha Jayathilaka   
Thursday, 07 January 2010 07:52

මේ ජනවාරියේ ඉතා වැදගත්ම සිදුවීම වන්නේ  15වන දින සිදුවීමට නියමිත සූර්යග්‍රහණයයි. එදින පෙ.ව. 11.20 පමණ සිට ආරම්භ වන ග්‍රහණයේ සැබෑ ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ ප.ව1.20 පමණ සිට ය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු skylk වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.


මේ අතර පසුගිය මාස කිහිපය තුල සූර්ය ලප චක්‍රය නැවතත් ආරම්භ වීම නිසා සූර්ය ලප නැවතත් වැඩි වශයෙන් ඇතිවීමට පටන්ගෙන ඇත. ඉදිරි කාලයේදී සූර්ය ලප ප්‍රමාණය ඉහල යතැයි අපේක්ෂා කෙරේ.

ඔබ අඟහරු ඡායාරූපගත කීරීමට අදහස් කරනවානම් මේ මාසය ඉතා සුදුසු ය. ඊට හේතුව වන්නේ අඟහරු පෘථිවියට ඉතාමත්ම සමීප ලෙස පිහිටීමයි. සාමාන්‍යයෙන් විකලා 7ක් පමණ විශ්කම්භයෙන් යුතුව දිස්වන අඟහරු ජනවාරි මුල 10ක් දක්වාත් ජනවාරි 29 පමණ වන විට විකලා 14ක් පමණ දක්වාත් විශාලව දර්ශණය වේ. මේ නිසා පෙරට වඩා විශාලව අඟහරු දිස්වන අතර ඡායාරූප ශිල්පීන්ට මෙය අනගි අවස්ථාවක් වනු ඇත.

හිරුබැසගිය පසු බටහිර අහසේ පැය කිහිපයක් යනතෙක් බ්‍රහස්පති දර්ශණය වන අතර සෙනසුරු ග්‍රහයා හිරු නැගඒමට ප්‍රථම නැගෙනහිර අහසේ වර්ගෝ (කන්‍ය) රාශියෙහි දැකගත හැකි ය.

 

stellarium ඇසුරින් සකස් කලේ අනුරාධ ජයතිලක විසිනි.

 

Add comment


Security code
Refresh

Related Articles