Latest Comments
sad to see you go
By Anuradha Jayathilaka
:thumb: පෘථිවියේ තියන කාන්තාරයක් වගේ පරිසරයක්.
By Rajeen
really awesome :roll:
By ishan
mama dakapu lnkawe hodama astro web site eka.good ...
By tim
:-| fatta තව විස්තර දාන්න
By Tharindu
Great ! :-)
By Tech News සිංහලෙන්
Noted thank you... :D :nod:
By Naqash
Noted Thank you... : :D
By Naqash
Search the site
Events of the month
Story of the background image
තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron
Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී. Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.
| 2010 පෙබරවාරි මාසයේ අහස |
| Written by Anuradha Jayathilaka |
| Friday, 05 February 2010 21:16 |
|
24වන සූර්ය චක්‍රය ආරම්භ වීමත් සමඟම සූර්ය ලප තව තවත් දැකගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කල හැක. පෙබරවාරි 14වන දින අමාවක සඳ වන අතර 28වන දින පුර සඳ යි.
පෙබරවාරි මාසයේ මැද භාගය වන තෙක් අඟහරු ග්‍රහයා පෘථිවියට ඉතා සමීපව පිහිටයි. අඟහරු ඡායාරූපගත කිරීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් මෙය වඩාත් සුදුසු කාලයකි. එහෙත් අඟහරු පෘථිවියට සමීපයෙන්ම පිහිටියේ පසුගිය ජනවාරි 29 දින යි. සූර්යයා බැස ගිය පසු නැගෙනහිර දෙසින් දැකගත හැකි අඟහරු ග්‍රහයා පසුදින හිරු නැග ඒමට ප්‍රථම බටහිරින් බැස යයි. මේ කාලය තුලදී කැන්සර් (කටක) රාශිය තුලදී අඟහරු දැකගත හැකිය. බ්‍රහස්පති ග්‍රහයා මාසය පුරාවට හිරු සමඟම ගමනේ යෙදෙන බැවින් නිරීක්ෂණය කිරීම අපහසු ය. සෙනසුරු තවදුරටත් වර්ගෝ (කන්‍ය) රාශිය පසුබිම් කරගනිමින් දර්ශණය වන අතර සෙනසුරුගේ වළලු දැන් ක්‍රමයෙන් දර්ශණය වීමට පටන්ගෙන ඇත. ඔරායන් රාශිය අවට ගැඹුරු අහස නිරීක්ෂණයට ඔබ අදහස් කරයි නම් පෙබරවාරි සහ මාර්තු මාස ඒ සඳහා ඔබට ලැබෙන අවසන් අවස්ථාවයි. මන්ද මී ළඟ මාස කිහිපයේදී රාත්‍රි කාලයේ අහසේ අපට හසුවන්නේ තරු මඳ ප්‍රදේශයකි. එහෙත් ඔබ අහස වඩාත් පැහැදිලි ලෙස පෙනෙන පුදේශයක වාසය කරයි නම් වඩාත් හොඳින් අහස නිරීක්ෂණය කළ හැකි වනු ඇත. Stellarium සහ Mitaka ඇසුරින් සකස් කලේ අනුරාධ ජයතිලක |
Related Articles
- Nov 30 2012 - 2012 දෙසැම්බර් මස අහස
- Nov 06 2012 - 2012 නොවැම්බර් මස අහස
- Oct 01 2012 - 2012 ඔක්තෝබර් මස අහස
- Mar 07 2012 - බුධ, සිකුරු, බ්‍රහස්පති, අඟහරු සහ සෙනසුරු මේ දිනවල අහසේ
- Aug 18 2011 - ගැරඩ්ව බලන්න කැමතිද?..එන්න එළියට...
- Dec 13 2010 - ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ශාව
- Mar 04 2010 - 2010 මාර්තු මාසයේ අහස
- Jan 07 2010 - 2010 ජනවාරි මාසයේ අහස
- Nov 02 2009 - 2009 නොවැම්බර් මාසයේ අහස
- Sep 30 2009 - 2009 ඔක්තෝම්බර් මාසයේ අහස






