User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

2010 මාර්තු මාසයේ අහස
Written by Anuradha Jayathilaka   
Thursday, 04 March 2010 19:59

මේ දිනවල සූර්ය ලප අවම ලෙස දක්නට ලැබුනද අනාගතයේදී තව තවත් සූර්ය ලප දක්නට ලැබෙතැයි අපේක්ෂා කෙරේ. මාර්තු 15වන දින අමාවක සඳ වන අතර මාර්තු 30 පුර සඳ වේ.

බුධ ග්‍රහයා මාසය පුරාවට සූර්යයා අසලින්ම ගමනේ යෙදෙන නමුත් මාසය අවසාන කාලය වන විට හිරු බැසගිය පසු බටහිර අහසේ සිකුරු ආසන්නයෙන් දර්ශණය වේ. නමුත් බුධ පහැදිලිව දැක ගැනීමට නම් ක්ෂිතිජය ආසන්න අහස ඉතාමත්ම පැහැදිලි විය යුතු ය. සිකුරු, මාසය පුරාවටම බටහිර අහසේ හිරු බැස ගිය පසු දැක ගත හැකි ය.

අඟහරු කැන්සර් (කටක) රාශිය පසුබිම් කරගනිමින් සූර්යයා බැස ගිය පසු නැවත සූර්යය උදාව තෙක් පෙ.ව. 3 දක්වා දර්ණය වේ. බ්‍රහස්පති තවදුරටත් සූර්යයා සමඟම ගමනේ යෙදෙන අතර සෙනසුරු ග්‍රහයා තවදුරට‍ත් වර්ගෝ (කන්‍ය) රාශිය පසුබිම් කරගනිමින් දර්ශණය වේ. මාර්තු 22වන දින සෙනසුරු පෘථිවියට ඉතා ආසන්න වන අතර සෙනසුරු නිරීක්ෂණයට හොඳම දිනය එය යි.

මෙම මාසය සහ ඉදිරි මාස වලදී අපට අහසේ පෙනෙන්නේ තරු අඩු ප්‍රදේශ ය. ඔරායන් ප්‍රමුඛ තාරකා රාශි පිහිටන ප්‍රදේශ සහ ස්කෝපියස් ප්‍රමුඛ තාරකා රාශි පිහිටන ප්‍රදේශ අහසේ දර්ශණය වන්නේ පෙරවරුවේ සහ පස්වරුවේ ය. මේ නිසා අහස පැහැදිලිවම දැක ගත හැකි පාන්දර 1-4 අතර කාලය තුල අහසේ නිරීක්ෂණයට හසුවන්නේ එතරම් තරු ඇති ප්‍රදේශ නොවේ.

Stellarium සහ Mitaka ඇසුරින් සකස් කලේ අනුරාධ ජයතිලක

 

Add comment


Security code
Refresh

Related Articles