Events of the month

<<  September 2010  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3  4  5
  6  7  8  9101112
13141516171819
20212223242526
27282930   

Story of the background image

රොසෙටා නිහාරිකාවේ ධූලි පිළිම


Credit & Copyright: Ignacio de la Cueva Torregrosa

රොසෙටා නිහාරිකාවේ මෙම ධූලි පිළිම ඇතිවී ඇත්තේ කුමක් නිසා ද? රොසෙටා නිහාරිකාවේ මෙම ප්‍රදේශය NGC 2244 ලෙසද හැඳින්වේ. අසල ඇති විශාල තරු වල සුළං නිසා ඉන් ඉවත් වෙමින් පවතින මෙම ධූලි වලා අනාගතයේදී නව තරු සහ ග්‍රහලෝක තැනීමට මුල් වනු ඇත. මෙම ඡායාරූපය රතු පැහැයෙන් සල්ෆර් ද, කොළ පැහැයෙන් හයිඩ්‍රජන් ද, නිල් පැහැයෙන් ඔක්සිජන් ද නිරූපණය කරයි. රොසෙටා නිහාරිකාව ආ.ව. 50ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර පෘථිවියේ සිට ආ.ව. 4500ක් ඈතින් මොනෝසෙරස් රාශිය තුල පිහිටා ඇත.

We're on Twitter

Stellarium දැන් සිංහලෙන්
Written by Administrator   
Saturday, 05 June 2010 21:22

සැමදෙනා අතර ඉතාමත්ම ප්‍රචලිත තාරකාවිද්‍යාව හා සම්බන්ධ විවෘත කේත මෘදුකාංගයක් වන ස්ටෙලාරියම් මෘදුකාංගය (Stellarium) දැන් සිංහල භාෂාවෙන් ලබාගැනීමට ඔබට හැකියාව ඇත.

ස්ටෙලාරියම් සිංහලට පරිවර්ථනය කිරීම ආරම්භ වූයේ 2009 වසරේදී ය. එහෙත් විවිධ තාක්ෂණිය අපහසුතා නිසා සිංහල අකුරු නිවැරදිව දර්ශණය කිරීමේ හැකියාව ස්ටෙලාරියම් මෘදුකාංගය සතුව නොතිබිණි. නමුත් පසුගිය 02වන දා නිකුත් කරන ලද නව නිකුතුවේ සිට සිංහල අකුරු ‍පැහැදිලිව දර්ශණය කිරීමේ හැකියාව ස්ටෙලාරියම් සතු ය.

ස්ටෙලාරියම් මෘදුකාංගයේ නවතම නිකුතුව http://www.stellarium.org වෙත පිවිසීමෙන් ලබාගත හැකියි. මෘදුකාංගය වින්ඩෝස්, ලිනක්ස් හෝ ඇපල් සඳහා වෙනවෙනම ලබාගත හැක. යම් හෙයකින් වින්ඩෝස් පරිසරයේදී සිංහල අකුරු නිවැරදිව ක්‍රියා නොකරන්නේ නම් Start > Program files > Stellarium > Stellarium (no OpenGL2) යන්න තෝරා මෘදුකාගය ආරම්භ කිරීමෙන් ගැටළුව විසඳාගත හැකි ය.

Stellarium පරිවර්ථනයෙන් සහය දැක්වූවෝ

මධූෂ දැඩිගමුව
දිලීප රාජපක්ෂ
අනුරාධ ජයතිලක
සමීර මධුශංක

 

 

 

Comments  

 
# hasitha 2010-06-05 21:40
Well done ppl!
Reply | Reply with quote | Quote
 
 
# sahan 2010-06-06 10:33
මෘදුකාංග දේශීයකරණයේ තවත් පියවරක්.
Reply | Reply with quote | Quote
 
 
# Akhila 2010-06-06 10:47
excellent work!!
Reply | Reply with quote | Quote
 
 
# ilandhariya 2010-06-06 21:02
:lol:

ස්තුතියි ඔබට
Reply | Reply with quote | Quote
 
 
# hasithadn 2010-06-07 15:21
ඔබ සැමට ස්තුතියි
Reply | Reply with quote | Quote
 
 
# Namila 2010-06-07 22:31
:lol: ela ela ;)
Reply | Reply with quote | Quote
 
 
# Hasantha 2010-06-10 15:31
Great work!!!
Reply | Reply with quote | Quote
 
 
# Thanuja Rajapaksha 2010-06-12 15:36
Good !!! :
Reply | Reply with quote | Quote
 
 
# UOC MAS 2010-07-09 11:01
අප සියලු දෙනගෙම සුබ පැතුම්.... SO this will be a turning point of Sri Lankan Astronomy
Reply | Reply with quote | Quote
 

Add comment


Related Articles