Events of the month

<<  September 2010  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3  4  5
  6  7  8  9101112
13141516171819
20212223242526
27282930   

Story of the background image

රොසෙටා නිහාරිකාවේ ධූලි පිළිම


Credit & Copyright: Ignacio de la Cueva Torregrosa

රොසෙටා නිහාරිකාවේ මෙම ධූලි පිළිම ඇතිවී ඇත්තේ කුමක් නිසා ද? රොසෙටා නිහාරිකාවේ මෙම ප්‍රදේශය NGC 2244 ලෙසද හැඳින්වේ. අසල ඇති විශාල තරු වල සුළං නිසා ඉන් ඉවත් වෙමින් පවතින මෙම ධූලි වලා අනාගතයේදී නව තරු සහ ග්‍රහලෝක තැනීමට මුල් වනු ඇත. මෙම ඡායාරූපය රතු පැහැයෙන් සල්ෆර් ද, කොළ පැහැයෙන් හයිඩ්‍රජන් ද, නිල් පැහැයෙන් ඔක්සිජන් ද නිරූපණය කරයි. රොසෙටා නිහාරිකාව ආ.ව. 50ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර පෘථිවියේ සිට ආ.ව. 4500ක් ඈතින් මොනෝසෙරස් රාශිය තුල පිහිටා ඇත.

We're on Twitter

විශ්වය පිළිබඳ කියැවෙන "බබල් මතය"
Written by Anuradha Jayathilaka   
Friday, 02 July 2010 16:29

විශ්වය විශාල ගෝලයක් වැනි දෙයක් ලෙස සිතුවහොත් එය ප්‍රසාරණය වන විට සෑම අතකින්ම එක ලෙස ප්‍රසාරනය විය යුතුය. විශ්වය ලෙස බලන අපට එක් ස්ථානයකින් හෝ වෙනස්කමක් ("cold spot") දර්ශණය වන්නේ නම් මින් කුමක් පැහැදිලි වේද?


නිව් යෝක් හි බෲක්හෙවන් පර්යේෂණාගාරයේ ඇන්ස් ස්ලෝසර් පවසන්නේ මෙවන් අවස්ථා ඉතාමත් වැදගත් විය හැකි බවයි. මින් විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව අමුතුම ආකාරයක මතයක් ගොඩනැගිය හැකි බවයි.

විශ්වය පිළිබඳව අප දන්නා බොහෝ කරුණු වල‍ට මූලික වන්නේ විශ්වයේ ඈතින්ම සිට පැමිණෙන වසර 380,000ක් පැරණි එනම් අප විශ්වාස කරන පරිදි විශ්වයේ ආරම්භයේදී නිකුත් වූ ආලෝකය යි. 2001 වසරේදී විල්කින්සන් මයික්‍රොවේව් ඇනසොට්‍රොෆි ප්‍රෝබ් (Wilkinson Microwave Anisotropy Probe) යානය අභ්‍යවකාශගත කල අතර එහි කාර්ය වූයේ විශ්වයේ ඈතින් පැමිණෙන විශ්ව ක්ෂුද්‍රතරංග පසුබිම් විකිරණය (cosmic microwave background - CMB)පිළිබඳව සිතියමක් නිර්මාණය කිරීම යි. පළමු වසර ඇතුලත නිරීක්ෂණය කරන ලද තොරතුරු අනුව මෙම යානය විසින් ඉතා විශේෂිත කරුණක් සොයාගන්නා ලදී. මෙය ඉහත සඳහන් කල ආකාරයේ ශීත ප්‍රදේශයකි ("cold spot").

මෙම ප්‍රදේශයෙන් හැඟවෙන්නේ කුමක් ද? ඇතැම්විට මෙය තවත් විශ්වයක් විය හැකි ය.  එසේත් නැතිනම් ගණනය කිරීම් වලදී ඇතිවූ ගැටළුවක් විය හැකි ය. එසේත් නැතිනම් CMB සහ අප මණ්දාකිණිය අතර ඇති විශාල හිස් ප්‍රදේශයක් නිසා මෙය වූවා විය හැකි ය. කෙසේ වෙතත් මෙවන් වෙනත් ශීත ප්‍රදේශ මේ වනතෙක් හමුවී නැත.

මේ සඳහා තවත් පැහැදිලි කිරීම් ඇත. විශ්වය ප්‍රසාරණය වන්නේ සැම දෙසින්ම ඒකාකාරී ලෙසද? සබන් බෝල වැනි මෙම ප්‍රදේශ එකිනෙකට වෙනස් ලෙස ප්‍රසාරණය වන්නට ඇති බව කැනඩාවේ Perimeter Institute for Theoretical Physics හි නයේෂ් අෆ්ෂ්‍රෝඩි මතයක් ඉදිරිපත් කරයි.

මෙවන් සබන් බෝල වැනි කලාප විශ්වයේ ඝනත්වය මත දැඩි බලපෑමක් ඇති කිරීමට සමත් ය. මේ නිසා ඒවායේ මධ්‍යයෙන් බැලූ කල එකම ප්‍රමාණයෙන් පෙනුනද ඝනත්වය පිටතට වන්නට ඇති කලාප වලදී වෙනස් වීමට ඉඩ ඇත. අෆ්ෂ්‍රෝඩි පවසන්නේ CMB සහ අප මණ්දාකිණිය අතර ඇති මෙවන් ඝනත්ව වෙනස්කම් ඇති ප්‍රදේශ හා ෆෝටෝන ක්‍රියාකිරීමෙන් ශීත ප්‍රදේශ ඇතිවන බවයි.

ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ විශ්වය සුමට ලෙස ප්‍රසාරණය වන බව පවසන පැරණි මතයට වඩා මෙම නව මතය වඩාත් සුදුස බව ය. නමුත් නව මතය විශ්වය ප්‍රසාරණය වන බව පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති බවත් විශ්වය ප්‍රසාරණය වීම ඉතාමත් සරල මතයක් බවත් පවසන ඔවුන් විශ්වයේ ආරම්භය වෙනත් ආකාරයකට සිදු විය හැකි බවත් පවසයි.

newscientist ඇසුරිණි.

 

 

Comments  

 
# Asanga F 2010-07-03 17:32
මෙමගින් සමාන්තර විශ්ව සන්කල්පය තව දුරටත් තහවුරු වේද?? Aritcle is top clas. thanks skylk...
Reply | Reply with quote | Quote
 
 
# asanga.fonseka 2010-07-03 17:37
Of course absolutely good article....
Reply | Reply with quote | Quote
 
 
# Namila 2010-07-29 23:21
hmmm..wishwayanam hemada prasaaranaya ha hekilenawane bingbang theory ekata anuwa 8) anyway thankz
Reply | Reply with quote | Quote
 

Add comment


Related Articles