Events of the month

<<  September 2010  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3  4  5
  6  7  8  9101112
13141516171819
20212223242526
27282930   

Story of the background image

රොසෙටා නිහාරිකාවේ ධූලි පිළිම


Credit & Copyright: Ignacio de la Cueva Torregrosa

රොසෙටා නිහාරිකාවේ මෙම ධූලි පිළිම ඇතිවී ඇත්තේ කුමක් නිසා ද? රොසෙටා නිහාරිකාවේ මෙම ප්‍රදේශය NGC 2244 ලෙසද හැඳින්වේ. අසල ඇති විශාල තරු වල සුළං නිසා ඉන් ඉවත් වෙමින් පවතින මෙම ධූලි වලා අනාගතයේදී නව තරු සහ ග්‍රහලෝක තැනීමට මුල් වනු ඇත. මෙම ඡායාරූපය රතු පැහැයෙන් සල්ෆර් ද, කොළ පැහැයෙන් හයිඩ්‍රජන් ද, නිල් පැහැයෙන් ඔක්සිජන් ද නිරූපණය කරයි. රොසෙටා නිහාරිකාව ආ.ව. 50ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර පෘථිවියේ සිට ආ.ව. 4500ක් ඈතින් මොනෝසෙරස් රාශිය තුල පිහිටා ඇත.

We're on Twitter

WR 22 - අධි ස්කන්ධ තරුව
Written by Anuradha Jayathilaka   
Thursday, 29 July 2010 18:07



ESO ආයතනයට අයත් ලා සිලා නිරීක්ෂණාගාරයේ Wide Field කැමරාව මගින් ලබාගන්නා ලද අළුත් ඡායාරූපයක් පසුගියදා නිකුත් කෙරිණි.

මෙම ඡායාරූපය මගින් දැක්වෙන්නේ කරීනා නිහාරිකාවේ පිහිටා ඇති WR 22 නම් තරුව සහ ඒ අවට ක්ෂිරපථය යි. (WR යනු වොල්ෆ් රෙයේ තරු සඳහා වන අංකන ක්‍රමයයි.)

ස්කන්ධය අධික තරු ඉතා කෙටි ආයු කාලයකින් පසුව මිය යන අතර මේවා අප සූර්යයා මෙන් නො‍ව ඊට වඩා මිලියන ගණනක් වේගයෙන් ශක්තිය මුදා හරියි. මෙවන් දුර්ලභ තරු වොල්ෆ්  රෙයේ (Wolf-Rayet) තරු ලෙස හැඳින්වේ. මේ තාක් හමුවූ ස්කන්ධයෙන් ඉහලතම වොල්ෆ්  රෙයේ තරුවක් ලෙස WR 22 තරුව හැඳින්විය හැකි අතර මෙම ඡායාරූපයේ මධ්‍යයේ දැක්වෙන්නේ එය යි. මෙම තරුව ද්විත්ව තරු පද්ධතියක සමාජිකයෙන් වන අතර අප සූර්යයා මෙන් 70 ගුණයක ස්කන්ධයෙන් යුතු ය.

ඡායාරූපය ලබාගැනීම සඳහා ESO ආයතනයට අයත් චිලි හි ලා සිලා නිරීක්ෂණාගාරයේ ඇති මීටර 2.2ක් වන දුරේක්ෂය සහ Wide Field කැමරාව යොදාගන්නා ලදී.

ESO ඇසුරිණි

 

 

Comments  

 
# Namila 2010-07-29 23:12
hithannawath baa.... suuraya wage 70x
Reply | Reply with quote | Quote
 

Add comment