User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

තාරකා සාදය (STAR PARTY ) - 2010
Sunday, 10 October 2010 15:52

කොළඹ ආනන්ද විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය මහනුවර මහමායා බාලිකා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය සමග එක් ව සංවිධානය කරනු ලබන තාරකා සාදය (STAR PARTY) 2010 අන්තර් පාඨශාලයීය තාරකා විද්‍යා රාතී‍්‍ර අහස නිරීක්ෂණ තරගාවලිය මෙවරත් ඔක්තෝබර් මස 15 වැනි සිකුරාදා දින හවස සිට රැය පහන් වන තුරු පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය පරිශ‍්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

 



2004 වර්ෂයේදී ඇරඹි තාරකා සාදය ශී‍්‍ර ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේද පාසලක් විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රථම තාරකා විද්‍යා නිරීක්ෂණ තරගාවලිය වූ අතර එය මෙවර පවත්වනු ලබන්නේ අඛණ්ඩව 7 වන වතාවට ය.

නිරීක්ෂණ තාරකා විද්‍යාව හා බැඳුණු තරග වට රැසකින් සමන්විත වන මෙහි එම විවිධ තරග වට සඳහා ප‍්‍රධාන ශූරතා කුසලානයට අමතරව තවත් කුසලාන 5ක් ලබා දෙමින් තරගාවලිය පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට නියමිත ය. එමෙන්ම නවක තාරකා විද්‍යා ලෝලී සිසුන් තුළ තාරකා විද්‍යාව කෙරෙහි අවබෝධය වැඩි කරලීම පිණිස තරගාවලියට සමගාමී ව එදින දේශකයින් රැසකින් සමන්විත මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබන නිරීක්ෂණ තාරකා විද්‍යා වැඩමුළුවක්ද පවත්වනු ලබයි.

දේශීය වශයෙන් පවත්වනු ලබන තරගාවලියට අමතරව මෙවර තාරකා සාදයේ දී ලොව වෙනත් රටවලට ද සහභාගී වීමට අවස්ථාව උදා කර දෙමින් අන්තර්ජාතික තලය දක්වා විහිදුන තරග අංගයක් ද පැවැත්වීමට නියමිත ය. එහි විශේෂත්වය වන්නේ එය ශී‍්‍ර ලංකාව මගින් ප‍්‍රථම වරට සංවිධානය කරන ලද අන්තර්ජාතික තාරකා විද්‍යා තරගය ලෙසින් ලාංකීය තාරකා විද්‍යා කේෂ්ත‍්‍රයේ නව සංදිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වීමයි.

එසේම මෙම සියල්ල නිමිති කර ගනිමින් මෙවර www.starparty.lk නමින් වෙබ් අඩවියක් ද මේ වන විටත් දියත් කර ඇති අතර තරගාවලිය සම්බන්ධ සියළු තොරතුරු හා තරගාවලිය දිනයේදී එහි සියඵම අවස්ථා සජීවී ව මෙම වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට නිකුත් කිරීමට සංවිධායක මණ්ඩලය සියළු කටයුතු සූදානම් කර ඇත.

විශ්ව තාරකා විද්‍යාවේ නව මංපෙත් සොයා යන තාරකා සාදය සඳහා ඔබ පාසලටත් සහභාගී වීමට අවස්ථාව ඇති අතර ඒ සඳහා වැඩිදුර විස්තර පහත සඳහන් දුරකථන අංක වලින් ලබා ගත හැක.

සිතුම් :- 071 - 5566685
සංඛ :- 071 - 8867447
හා වෙබ් අඩවිය :- www.starparty.lk

 

Comments  

 
0 # 2010-10-11 21:12
maparat pathana tama 1st
Reply | Reply with quote | Quote
 
 
0 # Pasan 2010-10-15 15:11
Super super machan
AAA
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-10-24 16:31
Dmc ar the best................
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh

Related Articles