User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

7වන "තාරකා සාදය" සාර්ථකව අවසන් විය
Written by Anuradha Jayathilaka   
Wednesday, 20 October 2010 14:09

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආනන්දීය තාරකාවිද්‍යා සංගමය සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ තාරකාවිද්‍යා සංගමය එකමුතුව හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ තාරකා සාදය 2010 නිරීක්ෂණ තාරකාවිද්‍යා දැනුම මිණුම තරඟය සහ වැඩමුළුව පසුගිය 16වන දින පෙරවරුවේ සාර්ථකව අවසන් විය.


දිවයින පුරා පාසල් තාරකාවිද්‍යා සංගම් 25කට අධික සංඛ්‍යාවක් නියෝජනය කළ මෙවර තරඟය සූර්යයා නිරීක්ෂණය, චන්ද්‍ර නිරීක්ෂණය, බ්‍රහස්පති නිරීක්ෂණය, ගැඹුරු අහස නිරීක්ෂණය, තරුරටා නිරීක්ෂණය යන අංශ වලින් යුත් වාචික ප්‍රශ්ණ, දත්ත විශ්ලේෂණය කිරීම් ආදී වට වලින් සමන්විත ය.

මෙහිදී වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායමට තාරකා සාදය කුසලානය ද එක් එක් වටවලින් වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම් සඳහා කුසලාන ද පිරිනැමිණි. තවද වැඩමුළුව අවසානයේදී ලබාදුන් ප්‍රශ්ණ පත්‍රයෙන් වැඩිම ලකුණු ලබාගත් පාසලට "නැගී එන තාරකා සංගමයට" හිමි සම්මානයද පිරිනැමිණි.

මෙවර තරඟයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගනිමින් කොළඹ නාලන්දා විද්‍යාලය තාරකා සාදය 2010 කුසලානය ලබාගත් අතර නැගීඑන තාරකා විද්‍යා සංගමයට හිමි සම්මානය මහනුවර උසස් බාලිකා විද්‍යාල කණ්ඩායම ලබාගත්තේ ය. තාරකා සාදය 2010 දෙවන ස්ථානය කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තෙවන ස්ථානය මහනුවර ශා. සිල්වෙස්ටර් විද්‍යාල කණ්ඩායමට හිමි විය.

එක් එක් තරඟ අංශයන්ගෙන් දස්කම් දක්වා අනෙක් කුසලාන හිමිකරගත් පාසල් මෙසේ ය.

චන්ද්‍රයා සහ ග්‍රහලෝක නිරීක්ෂණය - ඩි මෙස්නඩ් විද්‍යාලය, කඳාන
ගැඹුරු අහස සහ තරුරටා නිරීක්ෂණය - ඉසිපතන විද්‍යාලය, කොළඹ
න්‍යායික ප්‍රශණ වටය - ශා. සිල්වෙස්ටර් විද්‍යාලය, මහනුවර
වාචික සහ ප්‍රායෝගික - ඉසිපතන විද්‍යාලය, කොළඹ
ස්පොට් සහ දත්ත විශ්ලේෂණය - නාලන්දා විද්‍යාලය, කොළඹ

ජයග්‍රාහක නාලන්දා කණ්ඩායම

 

Comments  

 
0 # ayodya 2010-10-20 17:43
congratulations for all winners
but
mazenodians are the best!
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-10-22 18:07
pathana is best
Reply | Reply with quote | Quote
 
 
0 # Pasan 2010-10-24 10:47
super machan
AAA
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-11-01 18:16
mazenodian are the best we can get trophy next year LABANA PARA MAZENODIANZ LA TROPHYA GANNAWA NAWATTANNA KATAWATH CAN'T
EVRYBODY REMEMBER THAT OK
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-11-12 20:40
we are mazenodians 2008and2009 we are the champians THIS TIME WE GIVE CHANCE TO NEW COMERS next time we win the first place
WE ARE THE CHAMPAINS TO SRILANKA'N SCHOOL ASTRONOMY
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-11-19 18:56
mazenod
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-11-19 18:57
Quoting princethushara:
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh

Related Articles