User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

චන්ද්‍රිකා තාක්ෂණයේ පියාට උපන් දින දා උපහාරයක් !
Written by Madusha Dedigamuwa   
Thursday, 23 December 2010 22:13



දිවංගත ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතාගේ 93 වැනි ජන්ම දිනය මේ මස 16 වැනදාට යෙදී තිබුණි.

චන්ද්‍රිකා තාක්ශණය ලොවට හදුන්වාදීමේ පුරෝගාමියා වූ ආතර් සී. ක්ලාක් මහතා ලෝකප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ කිහිපයකම රචකයාද වේ. අනාගත අනාවැකි දක්වන්නෙකු ලෙසද ප්‍රසිද්ධියක් ඉසිලූ ක්ලාක් මහතා විසින් එකල ඉදිරිපත් කොට ඇති ජංගම දුරකථන, අන්තර්ජාලය හා සද ගමන වැනි අනාවකි අද සථ්‍යයන් වී ඇත. ප්‍රභල සොයාගැනීමක් වන චන්ද්‍රිකා තාක්ශණය ප්‍රථම වරට ඉදිරිපත් කිරීමට ගෞරව කිරීමක් ලෙස සන්නිවේදන චන්ද්‍රිකා කක්ශ්‍යගතවන කක්ශය අද හැදින්වෙනුයේ 'ක්ලාක් කක්ශය' ලෙසිනි.

ක්ලාක් මහතා උපත ලබන්නේ 1917 දෙසැම්බර් 16 වැනිදා එංගලන්තයේ සමර්සෙට් (Somerset) ප්‍රදේශයේදීය. කුඩා කල සිටම තාරකා විද්‍යාවට ඇලුම් කල ඔහු දෙවන ලෝක යුධ සමයේ රාජකීය ගුවන් හමුදාව සමග රේඩාර් යන්ත්‍ර ක්‍රියා කිරීමේ මූලිකයෙකු ලෙස කටයුතු කොට ඇත. පසුව 1948 දී ලන්ඩනයේ 'King’s College' මගින් ගණිතය හා භෞතික විදයාව සදහා ගෞරව උපාදියක් ලබා ගනියි.

ඔහුගේ ජීවිතයේ බොහෝ කාලයක් ඔහු කැප කලේ විද්‍යාව සහ අභ්‍යවකාශ ගවේශණය ප්‍රචලිත කිරීම සදහාය. ලොව පිලිගත් තාරකා විද්‍යා හා විද්‍යා සංගම් රැසක කැපී පෙනෙන චරිතක් ලෙසද හැදින්විය හැකි එතුමා බ්‍රිතාන්‍යය රාජකීය තාරකා විද්‍යා සංගමයේද සාමාජිකත්වය ලබා සිටි අයෙකි.

1956 වසරේ දී ශ්‍රි ලංකාවට පංදිචිය සදහා පැමිනෙන ඔහු මිය යන තෙක්ම ජීවත් වූයේ ශ්‍රි ලාංකිකයෙකු ලෙස අප රටට විශාල සේවයක් කරමිනි.  ඔහුගේ සේවය අගයනු වස්  ශ්‍රී ලාකිකයෙකු සදහා ලබා දෙන ඉහලම ගෞරව සම්මානය වන 'ශ්‍රී ලංකාබිමාන්‍යය' සම්මානයෙන් 2005 දී එතුමා පිදුම් ලැබීය.

මෙවන් වූ විශාල මෙහෙයක් කල ක්ලාක් මහතාට උපහාර දැක්වීමට එතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල කිසිදු උත්සවයක් සන්විධානය කොට නොතිබීම කණගාටුදායකය.



ඉහත චායාරූපයෙන් දැක්වෙන්නේ කලක් ආතර් සී. ක්ලාක් මහතා ඉතා සමීපව ඇසුරු කල විද්‍යා ලේඛකයෙකු වන අනුර සී. පෙරේරා මහතා සහ මා එතුමාගේ පිලිරුවට මල්දමක් පලදවා ගෞරව දැක්වූ ආකාරයයි.



මෙම පිළිරුව පිහිටා ඇත්තේ කොළඹ, ගාලුමුවදොර 'ගෝල්ෆේස් හෝටලයෙහි' ඇතුලු වන දොරටුව අසලය. මෙය විවෘත කොට ඇත්තේ 1999 පෙබරවාරි 19 වන දිනයි. මෙදිනම ක්ලාක් මහතා වෙනුවෙන් මුද්දර දෙකක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කිරීමට යෙදුණි.

පහත දැක්වෙන්නේ එම මුද්දර දෙකෙහි මුල්දින කවරයයි.



මුද්දරය පිළිබද විස්තර

 

Add comment


Security code
Refresh

Related Articles