User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

තෙවන වසර සමරන skylk
Written by Anuradha Jayathilaka   
Saturday, 01 January 2011 13:05

2011 නව වසර උදාවත් සමඟම skylk වෙබ් අඩවිය තෙවන වසර සමරයි. skylk වෙබ් අඩවිය ඇරඹුනේ 2008 නොවැම්බර් මාසයේදී ය. මාස කිහිපයක් විවිධ වෙනස්කම් සිදුවෙමින් පැවතුනු වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත වූයේ 2009 වසරේ ජනවාරි පළමු වන දින ය.


2009 වසර අන්තර්ජාතික තාරකා විද්‍යා වර්ෂය ලෙස නම් කර තිබීම skylk වෙබ් අඩවිය ආරම්භයට ප්‍රධාන සාධකයක් විය. ගතවුනු වසර කීපය තුල skylk වෙබ් අඩවිය විසින් සිදු වුනු කාර්ය අපමණ ය. ඉන් කිහිපයක් අප මෙසේ දක්වමු.

 

skylk පොඩ්කාස්ට් වැඩසටහන්
තාරකාවිද්‍යාව ආශ්‍රිත පොඩ්කාස්ට් වැඩසටහන් නිෂ්පාදනය කිරීම අප විසින් සිදු වූ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටිය වැඩසටහනට සහභාගී වීමටද අප කණ්ඩායමට අවස්ථාව හිමි විය.



අහසට යොමු වූ නෙත්
2009 වසර අන්තර්ජාතික තාරකා විද්‍යා වර්ෂයේ නිල වාර්තා වැඩසටහන වූ "Eyes on the skies" රූපවාහිනී වාර්තා වැඩසටහන සිංහල භාෂාවෙන් උපසිරැසි ගැන්වීම අප කණ්ඩායම විසින් සිදු විය.

2010 ජනවාරි සූර්යග්‍රහණය -  යාපනය සිට සජීවී වාර්තාකරණය

2010 ජනවාරි 15 වන දින දර්ශණය වූ වළයාකාර සූර්යග්‍රහණය සජීවීව අන්තර්ජාලය ඔස්සේ වාර්තා කිරීම. මීට අමතරව තවත් කණ්ඩායම් දෙකක් විසින් කොළඹ සහ තවත් කණ්ඩායමක් ඕමන්ත සිටද වාර්තා කරන ලදී.



skylk සතියේ පැනය - සතිපතා තාරකාවිද්‍යාත්මක ප්‍රශ්ණ යොමු කර ඒ සඳහා නිවැරදි පිළිතුරු ඉදිරිපත් කරන්නන් සඳහා DVD, පෝස්ටර් සහ පොත්පත් තෑගි ලෙස ලබාදීම.

ස්ටෙලාරියම් දේශීයකරණය
ප්‍රසිද්ධ විවෘත කේත මෘදුකාංගයක් වන ස්ටෙලාරියම් මෘදුකාංගය සිංහල භාෂාවට පර්වර්තනය කිරීම skylk කණ්ඩායම විසින් සිදු කෙරිණි.

තාරකා සාදය සඳහා අනුග්‍රහය
කොළඹ ආනන්ද විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරන තාරකා සාදය සඳහා අනග්‍රහය දැක්වීමද skylk වෙබ් අඩවිය විසින් සිදු කෙරිණි.

මීට අමතරව නොමිලේ තරු සිතියම් සහ තාරකාවිද්‍යාව ආශ්‍රිත පන්ති ක්‍රියාකාරකම් සැපයීමද අප විසින් සිදු විය.

කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල සාහිත්‍ය ඒකකයේ අසනිය කුසුම සිංහල භාෂා බ්ලොග් තරඟාව‍ලියේ පිට පිට වසර දෙකක් ජූරියේ විශේෂ සම්මානය දිනාගැනීම skylk වෙබ් අඩවිය ලැබූ මහඟු ජයග්‍රහණයකි.

ඉදිරියේදීද අප තවත් වැදගත් ව්‍යාපෘති සමඟින් ඔබ සමඟ රැඳෙන්නෙමු. skylk වෙබ් අඩවිය ඇරඹි දා පටන් අප සමඟ සිටි ඔබට skylk ප්‍රණාමය..

JavaScript is disabled!
To display this content, you need a JavaScript capable browser.

 

Comments  

 
0 # iDesh 2011-01-01 16:50
ela ela !!
Reply | Reply with quote | Quote
 
 
0 # Dragons 2011-01-01 19:49
සුබ පැතුම්!!!
Reply | Reply with quote | Quote
 
 
0 # hasithadn 2011-01-01 22:57
අපිට මෙමෙ වෙබ් එක නිසා තාරක විද්දයව ගැන ගොඩක් කරුණු දැනගන්න පුළුවන් උන මේක දිගටම කරගන යන්න සුබ පතනවා!!!!
Reply | Reply with quote | Quote
 
 
0 # Hasantha 2011-01-02 19:04
Wish u all da best!!! :lol:
Reply | Reply with quote | Quote
 
 
0 # Namila 2011-02-11 17:29
CongratZ :lol:
Reply | Reply with quote | Quote
 
 
0 # Naqash 2012-12-23 20:20
මම දෙකපු හොඳම ශ්‍රී ලංකා Astronomy වෙබ් අඩවිය, "skylkcom " සුබ පැතුම්!!!
ස්තුති.
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh

Related Articles