User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

ශ්‍රීමත් ආතර් සී ක්ලාක් අනුස්මරණ අභියෝගතා ශූරතා අන්තර් පාඨශාලීය තාරකා විද්‍යා දැනුම මිනුම තරඟාවලිය 2011 අති සාර්ථකව අවසන් විය
Written by Anuradha Jayathilaka   
Wednesday, 15 June 2011 11:24

11වන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් අනුස්මරන අභියෝගතා කුසලාන අන්තර්පාඨශාලයීය තාරකා විද්‍යා දැනුම මිනුම තරඟාවලියේ අවසන් වට ඊයේ (13) වන දින කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී පාසල් 25ක කණ්ඩායම් 38ක් අභිබවා කොළඹ රාජකීය විද්‍යාලය ශ්‍රීමත් ආතර් සී ක්ලාක් අනුස්මරන අභියෝගතා කුසලානය හිමි කරගන්නා ලදී.

 


ශ්‍රීමත් ආතර් සී ක්ලාක් අනුස්මරන අභියෝගතා කුසලානය ශ්‍රී ලංකාවේ දැවැන්තතම තාරකා විද්‍යා දැනුම මිනුම තරඟයයි. 

තරඟයේ මූලික වටය පසුගිය 10වන දින කොළඹ ආනන්ද විද්‍යාලය සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලය යන මධ්‍යස්ථාන දෙකක දී එකවර පැවැත්විණි. මෙම වටය සාමාන්‍ය තාරකා විද්‍යාව, නිරීක්ෂණ තාරකා විද්‍යාව, විශ්වන්‍යාය විද්‍යාව හා තාරකා භෞතික විද්‍යාව, රොකට් තාක්ශණය යන විෂය ‍ක්ෂේත්‍රයන් ඇසුරින්  සකස්කරන ලද ලිඛිත ප්‍රශ්ණ පත්‍ර හතරකි. එහි අවසන් ප්‍රථිපල පසුදා නිකුත් වූ අතර එහිදී වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම් 8 අවසන් වටය සඳහා සුදුසුකම් ලැබුවෝ ය.

මේ අතර අවසන් වටය සුදුසුකම් නොලද එහෙත් වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම් 12 ක් ලිඛිත පර්යේෂණයකට පෙනී සිටියෝ ය. ඉන් වැඩිම ලකුණු ලබාගත් මහනුවර ශා. සිල්වෙස්ටර් විද්‍යාලය නැගී එන පාසල් තාරකා විද්‍යා සංගමයට හිමි සම්මානය හිමිකරගත්තේ ය.

ඇහැලියගොඩ මධ්‍යමහා විද්‍යාලය සහ ගාල්ල සංඝමිත්තා විද්‍යාලය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබුවද එම කණ්ඩායම් අවසන් තරඟය සඳහා නොපැමිනීම නිසා මීගමුව නිව්ස්ටඩ් විද්‍යාලය සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබුවෝ ය.

අවසන් තරඟය පැවත්වුනු ආකාරය:
ප්‍රථම අර්ධ අවසන් පූර්ව වටය
- රාජකීය විද්‍යාලය, කොළඹ
- මහාමායා විද්‍යාලය, මහනුවර
- මෙස්නඩ් විද්‍යාලය, කඳාන
- සිරිමාවෝ බාලිකා විද්‍යාලය, කොළඹ

දෙවන අර්ධ අවසන් පූර්ව වටය
- විශාකා විද්‍යාලය, කොළඹ
- ධර්මරාජ විද්‍යාලය, මහනුවර
- ඉසිපතන විද්‍යාල, කොළඹ
- නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය, මීගමුව

ප්‍රථම අවසන් පූර්ව වටය
- රාජකීය විද්‍යාලය, කොළඹ
- ඉසිපතන විද්‍යාලය, කොළඹ

දෙවන අවසන් පූර්ව වටය
- මෙස්නඩ් විද්‍යාලය, කඳාන
- ධර්මරාජ විද්‍යාලය, මහනුවර

අවසාන වටය
- රාජකීය විද්‍යාලය, කොළඹ
- මෙස්නඩ් විද්‍යාලය, කඳාන

අවසන් තරඟය වාචිකප්‍රශ්ණ සහ ගණනයකිරීම් ඇතුලත් ප්‍රශ්න සහ ගැටළු වලින් සමන්විත වූ අතර තීරණාත්මක තරඟයකින් පසුව මෙස්නඩ් විද්‍යාලය අභිබවා ලකුණු ලබාගනිමින් කොළඹ රාජකීය විද්‍යාල කණ්ඩායම 11වන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් අනුස්මරන අභියෝගතා කුසලානය ජයග්‍රහණය කලෝ ය.

අවසන් ප්‍රතිඵල
ප්‍රථම ස්ථානය - රාජකීය විද්‍යාලය, කොළඹ
දෙවන ස්ථානය - මෙස්නඩ් විද්‍යාලය, කඳාන
තෙවන ස්ථානය - ඉසිපතන විද්‍යාලය, කොළඹ
සිව්වන ස්ථානය - ධර්මරාජ විද්‍යාලය, මහනුවර

සමස්ත තරඟයේ ලකුණු සඳහා ආනන්දීය තාරකා විද්‍යා සංගමයේ වෙබ් අඩවියට පිවිසෙන්න. http://astroananda.wordpress.com/2011/06/14/sir-arthur-c-clarke-challenge-trophy-2011/

කොළඹ ආනන්ද විද්‍යාලයේ, ආනන්දීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් අනුස්මරන අභියෝගතා කුසලාන අන්තර්පාඨශාලයීය තාරකා විද්‍යා දැනුම මිනුම තරඟාවලිය වාර්ශිකව පැවැත්වේ. 2003 වසරේදී පැවති තරඟය සඳහා ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාද සහභාගී වූ අතර එය ඉතා විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. ආනන්දීය තාරකා විද්‍යා සංගමය සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය විසින් 8වන වරට සංවිධානය කරනු ලබන දකුණු ආසියාවේ විශාලතම නිරීක්ෂණ තාරකා විද්‍යා දැනුම මිනුම තරඟය : "තාරකා සාදය" (Star Party) මේ වසර අගදී පැවැත්වීමට සංවිධායකවරුන් අදහස් කර ඇත.

අවසන් තරඟය පැවැත්වෙමින්

ජයග්‍රාහී පාසල කුසලානය භාරගත් අවස්ථාව

තවත් ඡායාරූප - http://astroananda.wordpress.com/photos/sir-arthur-c-clarke-quiz-competition-2011/

 

Add comment


Security code
Refresh

Related Articles