User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

රොබෝ අභ්‍යවකාශ යානා සඳහා ඉන්ධන ලෙස බැක්ටීරියා
Written by Anuradha Jayathilaka   
Wednesday, 11 January 2012 20:17



කාලයත් සමඟම අළුත් තාක්ෂණයන් එළිදැක්වෙනු දක්නට හැකි ය. මෙවන් එක් යෝජනාවක් පිළිබඳව නාසා ආයතනයෙන් වාර්තා වේ. අභ්‍යවකාශ යානා සඳහා සූර්ය සහ න්‍යෂ්ටික බලය යෙදාගන්නා කාලයක ඒ වෙනුවට බැක්ටීරියා මගින් අවශ්‍ය ශක්තිය නිපදවීම මෙම ක්‍රමය යි.

මේ මගින් කුඩා රොබෝ යානයකට අවශ්‍ය විදුලිය උත්පාදනය කල හැකි ය. එහෙත් මෙම විදුලිය ප්‍රමාණය ඉතා කුඩා බව කිව යුතු ය. එය රෝවර සඳහා යොදා ගත නොහැකි ය. නමුත් මෙම ක්‍රමයේදී බැක්ටීරියා යොදා ගන්නා නිසා දිගු කාලයක් විදුලිය උත්පාදනය කල හැකි ය.

මේ සදහා යොදාගන්නේ ජියොබැක්ටර් සල්ෆුරෙඩියුසෙන්ස් (Geobacter sulfurreducens) නම් බැක්ටීරියා වර්ගය යි. මේ බැක්ටීරියාවට ජීවත් වීම සඳහා ඔක්සිජන් අවශ්‍ය නැත.

මෙලෙස බැක්ටීරියා අභ්‍යවකාශයට යවන්නේ නම් සැලකිය යුතු කරුණු දෙකක් ඇත. මින් ප්‍රධානතම දෙය  වන්නේ බැක්ටීරියාවන් විකිරණ වලින් ආරක්ෂා කිරීමයි. අනෙක නම් බැක්ටීරියාව සහිත යානය වෙනත් ග්‍රහලෝකයකට යන්නේ නම් එක බැක්ටීරියාව කිසිම අයුරකින් ග්‍රහලෝකයට මුදා හරින්නට ඉඩ නොදිය යුතු විමයි. දැනට පෘථිවියෙන් පිටත් වන සෑම යානයක්ම ජීවාණුහරණය කොට පිටත් කෙරේ. මින් බලාපොරොත්තු වන්නේ වෙනත් ග්‍රහලෝක අපවිත්‍ර වීම වැලැක්වීම යි.

විවිධ තාක්ෂණික සහ පාරිසරික ගැටළු ඇතත් මෙය ඉතා වැදගත් සහ නවතම ව්‍යාපෘතියක් වනවාට සැක නැත.

ඡායාරූප - (ඉහල) කුඩා රොබෝවරයෙකුට අවශ්‍ය ශක්තිය ජනනය කැන බැක්ටීරියා (පහල) ජියොබැක්ටර් බැක්ටීරියාව ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් Photo Credit: NASA/Naval Research Laboratory

 

Add comment


Security code
Refresh

Related Articles