Latest Comments
sad to see you go
By Anuradha Jayathilaka
:thumb: පෘථිවියේ තියන කාන්තාරයක් වගේ පරිසරයක්.
By Rajeen
really awesome :roll:
By ishan
mama dakapu lnkawe hodama astro web site eka.good ...
By tim
:-| fatta තව විස්තර දාන්න
By Tharindu
Great ! :-)
By Tech News සිංහලෙන්
Noted thank you... :D :nod:
By Naqash
Noted Thank you... : :D
By Naqash
Search the site
Events of the month
Story of the background image
Atacama Large Millimeter Array (ALMA)

Credit: ESO/C.Malin
ඇටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති මෙම රේඩියෝ දුරේක්ෂ ජාලය තරකා විද්‍යා නිරීක්ෂණයේදී භාවිතාවන නිරෝධන මාන තාක්ෂණය උපයෝගී කරගණිමින් විවිධ වූ තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණ සිදුකරයි.මෙම රූපයෙහි පෙනෙන පරිදි ඡායාරූපය ගෙන ඇත්තේ දිගු අනාවරන කාලයක් ලබාදී ඒ අතරතුර රතු පැහැති එලියක් එල්ල කරමිනි.එබැවින් මෙය රත් පැහැයක් ගෙන ඇත.තවද පසුබිමේ ක්ෂීරපථයද ඉහලින් කුඩා හා විශාල මැගලවලාවන්ද දැකිය හැකිය.
| සූර්යයන් දෙදෙනෙක් වටා යන ග්‍රහලෝක |
| Written by Sashika Thilakawardena |
| Wednesday, 25 January 2012 23:20 |
|
නාසා හි කෙප්ලර් මෙහෙයුම යොදා ගනිමින් නවතම පරියුග්ම ග්‍රහ පද්ධති දෙකක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්ව ඇත. මෙය “ස්ටාර් වෝ” (Star War) චිත්‍රපටියහි එන “ටැටුයින්” (Tatooine) මෙන් සූර්යයන් දෙදෙනෙකු වටා කක්ෂ ගත වූ ග්‍රහලෝකයන් වේ. මෙම සොයා ගැනීම, පරියුග්ම ග්‍රහලෝක සංඛ්‍යාව තුනක් දක්වා ඉහල දැමීමට සමත් වේ. සූර්යයන් දෙදෙනකු වටා කක්ෂගත වන ග්‍රහලෝක තිබීම සාමාන්‍ය සිද්ධියක් විය යුතු මෙන්ම අපගේ චක්‍රාවාටයේ මෙවැනි ග්‍රහලෝක මිලියන ගණනක් පැවතිය යුතුය. මෙම සිද්ධිය නේචර් (Nature) ජර්නලයේ ප්‍රකාශයට පත් කල අතර මෙහි මූලිකයා වූ සැන් දියාගෝ ප්‍රාන්ත සරසවියේ විලියම් වෙල්ෂ් (William Welsh) විසින් ඇමරිකානු තාරකා විද්‍යා සමාජයේදී ද මේ පිළිබඳව ඉදිරිපත් කර ඇත. සෙනසුරුගේ ප්‍රමාණයේම වූ මෙම වායු ග්‍රහලෝක දෙක කෙප්ලර්-34b (Kepler-34b) සහ කෙප්ලර්-35b (Kepler-35b) ලෙස නම් කර ඇත. කෙප්ලර්-34b එහි සූර්යයන් දෙදෙනා වටා දින 289 ක පරිභ්‍රමණ කාලයකින් යුතුව ගමන් ගන්නා අතර එම තරු යුගල එකිනෙක වටා දින 28 කට වරක් පරිභ්‍රමණය වේ. කෙප්ලර්-35b ග්‍රහලොව සූර්යයාගේ ස්කන්ධයෙන් 80% ක් හා 89% ක ස්කන්ධ ප්‍රතිශතයකින් යුත් කුඩා තරු දෙකක් වටා දින 131කට වරක් පරිභ්‍රමණය වේ.මෙම පද්ධති දෙක සිග්නස් (Cygnus) හෙවත් හංසයා (Swan) රාශිය තුල පවතී. පරියුග්ම ග්‍රහලෝක සඳහා එක් සූර්යයෙකු නොව සූර්යයන් දෙදෙනෙක්ම පවතින අතර ග්‍රහලෝක වලට ලැබෙන ශක්තීන් බොහෝසෙයින් විචල්‍ය වේ.මෙම ශක්ති ගැලීම විචල්‍ය වීමෙන් එම ග්‍රහලෝක මත දේශගුණය දරුණු ලෙස වෙනස් විය හැකිය. කෙප්ලර් කණ්ඩායම විසින් ප්‍රථම පරියුග්ම ග්‍රහලොව වන කෙප්ලර්-16b පිළිබඳ නිවේදනය නිකුත් කර සිටියේ පසුගිය සැප්තැම්බරයේය. කෙප්ලර්-16b මෙන්ම මෙම නව ග්‍රහලෝක දෙකද එහි තරු වටා ඉලිප්සීය කක්ෂයක ගමන් කරයි. කෙප්ලර්-16b පිළිබඳව පමණක් දැනගෙන තිබූ කාලයේ පරියුග්ම ග්‍රහලෝකවල ස්වභාවය පිළිබඳව බොහෝ ගැටළු පැන නැගුණු අතර මෙම නව සොයාගැනීම සමග නිරාකරණය නොවූ ගැටළු බොහෝමයක් නිරාකරණය විය හැක.
|
Related Articles
- Jun 04 2013 - අභ්‍යාවකාශයේ සිට පෘථිවිය දකින්න හොදම තැනක්
- May 09 2013 - හෙට වළයාකාර සූර්යග්‍රහණයක්
- May 07 2013 - මහඟු මෙහෙවරක් ඉටුකළ Herschel අභ්‍යාවකාශ දූරේක්ෂය විශ්වයෙන් සමුගනී.
- Mar 30 2013 - රතු ග්‍රහයාගේ අතිවිශාල පැනරෝමා ඡායාරූපය
- Feb 22 2013 - සියැසින් දැකිය හැකි වල්ගාතරු තුනක් මෙවර අහසේ
- Jan 29 2013 - අගහරු මතුපිට රාත්‍රී ඡායාරූපයක් කියුරියෝසිටි ගෙන්
- Jan 25 2013 - රතු ග්‍රහයා මත නදියක්
- Jan 20 2013 - මොනාලිසා සඳ මතට ගිය ගමන
- Jan 20 2013 - අඟහරු මතුපිටින් හමුවූ 'පුෂ්පය'
- Dec 10 2012 - චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ සිතියම GRAIL ගෙන්








Comments
තව දෙවල් දාන්න.
කෙප්ලර් කණ්ඩායම ගෙන මට තව තොරතුරු අවශ්‍ය වන අතර , කෙප්ලර් ග්‍රහයන් සම්බන්දව තොරතුරු යාවත්කාල කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි ..
ස්තුති .
RSS feed for comments to this post.