User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

MRO යානය විසින් ස්පිරිට් රෝවරය ගුවනේ සිට ඡායාරූපගත කරයි.
Written by Anuradha Jayathilaka   
Thursday, 09 February 2012 20:01



වසර 8ක් පුරා අඟහරු මත පර්යේෂණ සිදු කල ස්පිරිට් යානයේ ගුවනේ සිට ගත් ඡායාරූපයක් පසුගිය 29වන දින නාසා ආයතනය විසින් නිකුත් කරන ලදී.


ඡායාරූප ලබාගන්න ලද්දේ රෝවරයේ මව් යානය වන Mars Reconnaissance Orbiter (MRO) යානය විසිනි. එය මේ වන විට අඟහරු වටා කක්ෂගතවී රෝවරයන් විසින් ලබාදෙන දත්ත නැවත පෘථිවිය වෙත් ලබා දෙයි.

 

ඡායාරූපය (ප්‍රධාන) - බොනවිල් ආවාටය MRO යානයේ සිට පෙනෙන ආකාරය. පහළ වම්පස රවුම් කර දක්වා ඇත්තේ ස්පිරිට් රෝවරයේ පාදම කොටසයි.
ඡායාරූපය
(ඉහළ) -- ස්පිරිට් රෝවරයේ පාදම කොටස රෝවරයේ ඇති කැමරාවෙන් පෙනුනු ආකාරය.

MRO යානය සතුව HiRISE ලෙස හඳුන්වන අධි විභේදන කැමරාවක් ඇති අතර මේ මගින් වර්ණ ඡායාරූප ලබාගත හැකි ය. මීට පෙර HiRISE කැමරාව භාවිතා කර ලබාගත්තේ කළු/සුදු ඡායාරූප පමණි. ඡායාරූප ලබාගන්නා විට යානය අඟහරුගේ සිට කි.මී. 262ක් පමණ උසින් කක්ෂ ගතවී තිබිණි.

ඡායාරූපය - 2004 සිට 2011 දක්වා ස්පිරිට් රෝවරයේ ගමන් මග.

ස්පිරිට් රෝවරය පසුගිය 2011 ජනවාරි මාසයේදී අඟහරුගේ අධික ශීතල කාලගුණය නිසා අක්‍රිය විය. නමුත් ඒ වන විටත් එය තම දින 90ක අ‍පේක්ෂිත ආයුකාලය ඉක්මවා අවුරුදු 6ක්ම සේවය කර තිබිණි. ස්පිරිට් රෝවරයේ නිවුන් සොහොයුරා වන ඔපචුනටි රෝවරය තවමත් අඟහරු මත සිට දත්ත පෘථිවිය වෙත ‍එවමින් සිටින අතර නාසා ආයතනයේ විශාලතම, අළුත්ම සහ බොහෝ විට අවසාන අඟහරු රෝවරය වන කියුරියෝසිටි රෝවරය මේ වන විට අඟහරු වෙත ළඟාවෙමින් පවතී.

 

Comments  

 
0 # disal 2012-02-16 05:47
Reply | Reply with quote | Quote
 
 
+1 # anuththara 2012-02-16 17:10
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh

Related Articles