User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

සූර්ය සුළඟ නිසා ඇති වන සිකුරුගේ පිපිරුම්
Written by Anuradha Jayathilaka   
Tuesday, 06 March 2012 11:30


සිකුරු සහ පෘථිවිය ප්‍රමාණයන්ගෙන් සහ සූර්යයාගේ සිට දුරෙන් බොහෝදුරට එකසමාන වුවද ග්‍රහලෝක ලෙස ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් ය.

 

සිකුරු පෘථිවියට වඩා සිය ගුණයක් උෂ්නත්වයෙන් වැඩි අතර සිකුරු දිනයක් පෘථිවි දින 225ක් පමණ වේ. එපමණක්ද නොව පෘථිවිය සතුව චුම්භක ක්ෂේත්‍රයක් තිබුනද සිකුරු සතුව එවැන්නක් නැත. මෙම ලක්ෂණය ග්‍රහලෝක දෙකෙහි සූර්ය සුලඟ නිසා ඇති වන බලපෑම නිරීක්ෂණයට විශේෂ නිර්නායකයකි.

 

සූර්යයාගේ සිට පැමිණෙන ආරෝපිත අංශු අඩංගු සූර්ය සුළඟ පෘථිවිය වෙත පැමිණෙද්දී පෘථිවියට කි.මී. 44,000ක් පමණ දුරකදී පෘථවියේ චුම්බක ක්ෂේත්‍රයේ ගැටී මඟ වෙනස් වී ගලා යයි. නමුත් සිකුරු සතුව එවැනි බාධකයක් නොමැති නිසා සිකුරුගේ වායුගෝලයෙහි අසාමාන්‍ය කාලගුණ තත්වයන් ඇති කරයි.
HFA හෙවත් hot flow anomaly ලෙස හැඳින්වෙන මෙම තත්වය සැබැවින්ම සෙනසුරු සහ අඟහරු පමණක් නොව පෘථිවි වායුගෝලයේදීද දැක ඇත. නමුත් මෙහි විශේෂතාව වන්නේ සිකුරුගේ චුම්බක ක්ෂේත්‍රයක් නැති නිසා සිකුරු මතුපිටෙහිම මෙම පිපිරුම් ඇති වීමයි.

නාසා ඇසුරිණි




 

Comments  

 
-3 # anu 2012-03-06 12:41
එපමණක්ද නොව පෘථිවිය සතුව චුම්භක ක්ෂේත්‍රයක් තිබුනද පෘථිවිය සතුව එවැන්නක් නැත

Reply | Reply with quote | Quote
 
 
0 # ruwaniliyangolla 2012-03-09 19:15
hoda lipiyak
Reply | Reply with quote | Quote
 
 
0 # tharia 2012-05-19 12:48
:roll: :nod:
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh

Related Articles