Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

ලයිරිඩ් උල්කා වර්ෂාව අප්‍රේල් 21 සහ 22 උපරිමයට...
Written by Kaushal Senanayaka   
Thursday, 19 April 2012 14:32

 

 

 

 

 

 

 

වාර්ෂික ලයිරිඩ් උල්කාපාත වර්ෂාව මෙවරත් අප්‍රේල් මස 21 සහ 22 යන දිනයන් වලදී උපරිමයට ළඟා වීමට නියමිතයි. 22 වනදා අළුයම් කාලයේදී අඳුරු අහසක් ඇති උතුරු අර්ධ ගෝලවාසීන්ට මේ උල්කාපාත වර්ෂාව හොඳින් දර්ශනය වීමට නියමිතයි.

මෙය සාමාන්‍ය මට්ටමේ උල්කාපාත වර්ශාවක් වන අතර මේ වසරේදී සඳ ආලෝකයෙන්ද බලපෑමක් ඇති නොවන නිසා පැයකට උල්කාපාත 15 ක් පමණ නැරඹීමේ හැකියාවක් ඇත.කෙසේ නමුත් මේ සතිය පුරාවටද උල්කාපාත වර්ෂාව දර්ශනය වීමේ හැකියාවක් ඇත.

මෙම උල්කාපාත වර්ෂාවේ දීප්තිය මහ වලසා රාශියේ තරු වල දීප්තිය තරම්ම වන අතර ඇතැම් විට සිකුරු ග්‍රහලොවේ දීප්තියද ඉක්මවා යන උල්කාද දැකිය හැක.C/1861 G1 Thatcher නම් වල්ගා තරුව මගින් අභ්‍යවකාෂයේ ඉතිරි කල ගිය සුන්බුන් පෘතුවි වායුගෝලයට ඇතුළු වී දැවී යාමෙන් මෙම උල්කා වර්ෂාව නිර්මාණය වී ඇත.උල්කා වර්ෂාවේ විකිරණ ලක්ෂ්‍යය හෙවත් උල්කා පැමිණෙනවා යැයි පෙනෙන ලක්ෂ්‍යය පිහිටන්නේ ලයිරා තාරකා රාශිය පසුබිමේයි.

ලයිරා තාරකා රාශිය උතුරු අර්ධ ගෝලයේ  තාරකා රාශියක් නිසා මෙම උල්කා වර්ෂාව දකුණු අර්ධගෝලයට නැරඹීම මඳක් අපහසු වන නමුත් නාසා ආයතනයේ මෙම වෙබ් අඩවිය මගින් 21 සහ 22 යන දිනයන් වලදී ග්‍රිනිච් මධ්‍යයන වේලාවෙන් පැය 0400 සිට 0900 දක්වා උල්කා වර්ෂාවේ සජීවී විකාෂයක් විකාෂය කරනු ඇති.

 

 

Add comment


Security code
Refresh

Related Articles