User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

සිකුරු සංක්‍රාන්තියට තව දින 10ක් පමණයි! ඔබ සූදානම්ද?
Written by Dileepa Rajapaksa   
Sunday, 27 May 2012 21:07

සූර්ය්‍යා ඉදිරියෙන් සිකුරු ග්‍රහලොව ගමන්කරනු සියැසින් දැකබලා නිරීක්ෂණය කිරීමට තාරකාවිද්‍යා ලොලියකු වන ඔබට අවස්ථාවක් තව නොබෝදිනකින් උදාවන බව ඔබ දැනසිටියේද?එසේ නැතිනම් ඔබත් අදම  සිකුරු සංක්‍රාන්තිය නැරඹීමට සූදානම්වන්න. මෙය ඔබගේ ජීවිතකාලයතුලදී  අවසාන වරට දැක ගැනීමට හැකිවන ඉතා දුලබ දසුනකි. එසේ පවසන්නේ මීලග සිකුරු සංක්‍රාන්තිය සිදුවන්නේ නැවතත්  2117 දීය. ඉතින් අපි සිකුරු සංක්‍රාන්තියට නරඹන ආකාරයත් ඒ පිළිබඳ වැඩි දුර තොරතුරුත් සාකච්ඡාකරමු.


සිකුරු ග්‍රහයා සූර්ය්‍යා ඉදිරියෙන් ගමන්කිරීම අප විද්‍යාත්මකව හදුන්වනු ලබන්නේ  සිකුරු සංක්‍රාන්තියක් ලෙසටයි.මෙම සංසිද්ධිය ඉතාමත් දුලබ වන අවස්තාවකි අවසන් වරට මෙවැනි සිකුරු සංක්‍රාන්තියක් දිස්වූයේ 2004 වර්ෂ ජුනි මස 8 වනදායි මෙවර අපට සිකුරු සංක්‍රාන්තිය දිස්වන්නේ 2012 ජුනි මස 6 වනදිනයි.නැවත සිකුරු සංක්‍රාන්තියක් සිදුවන්නෙ තව සියවසකට පසුය එනම් 2117 වර්ෂයේදීය.මෙවැනි සංසිද්ධියක් සිදුවීමට ප්‍රධාන හේතුව වන්නේ ග්‍රහලෝකවල ස්වකීය කක්ෂයන්හි ඇති ආනත බවයි.මේ ආකාරයේ ආනත ස්වරූපයෙන් ඇති සිකුරු සහ පෘතිවියේ කක්ෂය සූර්ය්‍යයා හා ඒක රේඛීයව පිහිටීම නිසා සංක්‍රාන්ති අවස්තාව දැක ගැනීමට හැකිවේ.සංක්‍රාන්ති අවසතාවක් ඇතිවීමේදී එය දැක ගැනිමට සූර්යයා සහ පෘතිවිය අතර සිටින ග්‍රහලොවක් දායක වේ මෙම සංසිධියේදී සිකුරු මෙන්ම බුද ග්‍රහයාද මෙලෙස දිස් වූ අවස්තාද ඇත.මෙතෙක් ඉතිහාසයේ වාර්තාවන අන්දමට දූරේක්ෂය සොයාගැනීමෙන් පසුව මෙතෙක් නිරීක්ෂණය කර ඇති සංක්‍රාන්ති සංඛ්‍යාව 7කි(1631, 1639, 1761, 1769, 1874,1882 සහ 2004).

මෙවර සංක්‍රාන්තියේ පූර්ණ වශයෙන් දර්ශණය වන්නේ  බටහිර පැසිෆික් සාගර කලාපයේ වේසෙන ජනතාවට පමනක් වන අතර, හිරු නැග ඒමේදී දකුණු ආසියාව, මැදපෙරදිග, යුරෝපය, බටහිර ආසියාව, බ්‍රිතාන්ය, නැගෙනහිර අප්‍රිකාව යන ප්‍රදේශයන් හි ජනතාවට නැරබීමේ හැකියාව ඇත.තවද දකුණු ඇමරිකාව හා බටහිර අප්‍රිකාවට සංක්‍රාන්තිය දර්ශණය නොවේ.

 

ශ්‍රී ලංකාවේ වෙසන ඔබ විසින් සංක්‍රාන්ති අවස්ථාව නිරීක්ෂණය කරන්නේ කොහොමද?

සංක්‍රාන්ති අවස්ථාවේදී අපට සිතිජයෙන් හිරු නැග ඒමේ සිට නැරඹීමේ අවස්ථාව ඇත. පලමු ස්පර්ශ‍ය ශ්‍රී ලංකාවට දර්ශණය නොවේ නමුත් උපරිම අවස්ථාව ඇතුලුව අවසාන ස්පර්ශය දක්වා කාලය තුල අපට නිරීක්ෂණය කල හැකිය.

ශ්‍රී ලංකා වාසී  අපට සංක්‍රාන්තිය දර්ශනය වන්නේ 2012 ජුනි 6 වෙනිදා උදෑසන 5.58 සිට උදෑසන 10.21 දක්වායි.

සංක්‍රාන්තිය ශ්‍රී ලංකාවට දර්ෂණය වන ආකාරය.

සිකුරු සංක්‍රාන්තියට ඔබට පෙනෙන අයුරු මෙතනින් බලන්න

 

නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයන්.

සූර්යයා දැසින් නිරීක්ෂනය කිරීම,දුරේක්ෂ මගින් හෝ යම් කවර ක්‍රමයක් මගින් හෝ කෙලින්ම බැලීම ඔබගේ දෑස් සදාකලිකව හෝ යම්තාක්දුරට නොපෙනීයා හැකිය. එබැවින් පහත දක්වා ඇති සරල ආරක්ෂාකාරී ක්‍රමෝපායන් අනුගමනය කරන ලෙස අප ඔබගෙන් ඉල්ලාසිටිමු.

 

නිරීක්ෂණය කිරීමේ ආරක්ෂාකාරී ක්‍රමවේදයන් සඳහා සූර්යය ග්‍රහණ නිරීක්ෂණයට අදාල මෙම ලිපිය කියවන්න.

 

අන්තර්ජාලය ඔත්සේ සිදුකරන සජීවී විකාශයන්.

සිකුරු සංක්‍රාන්තිය සජීව විකාශය අන්තර්ජාලය ඔත්සේ නැරඹීමට පහත සබැදීන් හා සම්බන්ධවන්න.

 

Comments  

 
+1 # Hemal Silva 2012-05-27 22:11
2004 දි මම මේක දැක්කා.බේසමකට වතුර පුරවල බලපුවම.හොදට පෙනුනා.
Reply | Reply with quote | Quote
 
 
0 # kaushal 2012-05-27 22:24
//මෙතෙක් ඉතිහාසයේ වාර්තාවන අන්දමට දූරේක්ෂය සොයාගැනීමෙන් පසුව මෙතෙක් නිරීක්ෂණය කර ඇති සංක්‍රාන්ති සංඛ්‍යාව 7කි(1631, 1639, 1761, 1769, 1874,1882 සහ 2004)//

දුරේක්ෂය සොයාගැනීමෙන් පස්සේ සිකුරු සංක්‍රාන්ති 7 ක් සිද්ධ වුණත් "නිරීක්ෂණය" කලේ 6යි.එයට හේතුව වෙන්නේ 1627 දී කෙප්ලර් විසින් 1631 සංක්‍රාන්තිය ගැන අනාවැකි පළ කලත් ඔහුගේ ගණනය කිරීමේ දෝෂ නිසා ඒක නිරීක්ෂණය කරන්න බැරි වුණා...... සිකුරු සංක්‍රාන්තිය ගැන තව විස්තර සඳහා පිවිසෙන්න >> wp.me/p1Ckpd-bA සහ සිකුරු සංක්‍රාන්තිය නිවැරදිව නිරීක්ෂණය කරන ආකාරය දැනගන්න wp.me/p1Ckpd-cb වෙත...
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh

Related Articles