User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

අගහරු මත ද්‍රවමය ජලය තිබිය හැකියි
Written by Anuradha Jayathilaka   
Sunday, 22 March 2009 11:55

අගහරුමත ඇති ෆීනික්ස් යානයේ ආධාරකයක් මත ද්‍රවමය ලවණ ජලය බිදු කිහිපයක් ඡායාරූපගතකොට ඇත. මෙය පෘථීවියෙන් එපිට ද්‍රව ජලය සොයාගත් ප්‍රථම අවස්ථාව වේ.


මීට පෙර කරන ලද පරීක්ෂණ රැසකින්ම ඔප්පු වූයේද ආස්‍රැත ජලය අගහරු මත පැවතිය හැකි බවයි. ද්‍රව ජලය, ජීවය පැවතීම සදහා අත්‍යවශ්‍යම සාධකයකි. එය පෘථීවියෙන් එපිට නව ජීවය සොයාගැනීම සදහා පමණක් නොව අගහරුමත නව ජනාවාස ඇතිකිරීමට පවා ඉතාමත්ම අත්‍යවශ්‍ය සාධකයකි.

අගහරුමත ජලය පැවතිය හැක්කේ අයිස් ලෙසහෝ ජලවාශ්ප ලෙස බව කලින් සිතා සිටීමට හේතුව වූයේ, අගහරුමත ඇති අඩු උෂ්නත්වය සහ වායුගෝලීය පීඩනයයි. ෆීනික්ස් හි ඇති පර්යේෂණ උපකරණ වලින් කරන ලද පරීක්ෂණ වලින් ඔප්පු වූයේ ඡායාරූපය ගත් කාලයේදී අගහරුමත උෂ්නත්වය ෆීනික්ස් අගහරුමත ගොඩබට කාලයට වඩා උෂනත්වය ඉහල බවයි.

2008 මැයි 25දින අගහරුමත ගොඩබස්වය ලද ෆීනික්ස් යානය නෙවැම්බර් 10 තෙක් පෘථීවිය වෙත දත්ත එවනු ලැබූ අතර එම දත්ත තවමත් සැකසෙමින් පවතී.

නාසා ඇසුරිණි.

 

Add comment


Security code
Refresh

Related Articles