User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  January 2012  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
        1
  2  5  6  7  8
  9101112131415
16171819202122
23242526272829
3031     

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

දුරින්ම ඇති අධිස්කන්ධ කලුකුහරය සොයාගැනේ
Written by Anuradha Jayathilaka   
Thursday, 03 September 2009 08:07

විශ්වයේ දුරින්ම ඇති අධිස්කන්ධ කලුකුහරය සොයාගැනීමට හවායි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇත. මෙම කුලුකුහරය ආ.ව. බිලියන 12.8ක් ඈතින් පිහිටි මණ්දාකිණියක් තුල පිහිටා ඇති අතර අප සූර්යයා මෙන් බිලියනයක් තරම්වත් ස්කන්ධයක් තිබිය යුතුය.

 
විරුද්ධ දිශාවට පරිභ්‍රමණය වන ග්‍රහලොවක් සොයාගනී
Written by Anuradha Jayathilaka   
Friday, 28 August 2009 20:56


සාමාන්‍යයෙන් තරුවක ග්‍රහලෝක පරිභ්‍රමණය වන්නේ තරුව භ්‍රමණය වන දිශාවටම ය. නමුත් බ්‍රිතාන්‍යයේ WASP ව්‍යාපෘතිය සහ ජිනීවා නිරීක්ෂණාගාරයේ එකමුතුවෙන් WASP-17 නම් ග්‍රහලොවක් සොයාගෙන ඇති අතර එය තරුව වටා පරිභ්‍රමණය වන්නේ මව් තරුවේ භ්‍රමණ දිශාවට නොව අනෙක් දිශාවටයි.
 
කලු කුහරයක් හදමු ද?
Written by Anuradha Jayathilaka   
Saturday, 22 August 2009 22:21

LHC හෙවත් Large Hadron Collider උපකරණය තැනූ පසු එය විසින් පෘථිවිය ගිල ගනු ඇතැයි සැක කල අයට මෙන්න තවත් ආරංචියක්. ඇමරිකාවේ ඩාර්ට් මවුත් හි විද්‍යාඥයින් පිරිසක් ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ විද්‍යාගාරයක් තුල LHC නොමැතිව කුඩා ක්වන්ටම් ප්‍රමාණයේ කලු කුහරයක් සාදාගතහැකි නව ක්‍රමයකි.

 
අඳුරු පදාර්ථ පිළිබඳව Integral ගේ නවතම සොයාගැනීම
Written by Anuradha Jayathilaka   
Sunday, 02 August 2009 12:07

ඊසා ආයතනයේ Integral ගැමා කිරණ දුරේක්ෂයේ නවතම සොයාගැනීම් අනුව ඇතැම් අඳුරු පදාර්ථ වලින් ක්ෂිරපථයේ ඇති අභිරහස් විකිරණශීලීභාවයට මූලය වන බව කියන අදහස බිඳ දැමීමට හැකිවී ඇත.

 
බිටල්ජුස් තරුවේ තියුණුතම ඡායාරූපය
Written by Anuradha Jayathilaka   
Thursday, 30 July 2009 17:40

ඔරායන් රාශියේ ඇති තරු අතරින් දීප්තිය අතින් දෙවන ස්ථානය ගන්නා බිටල්ජුස් තරුව රතු සුපිරියෝධ තරුවකි. අපි සූර්යයා මෙන් 1000 ගුණයක් විශාල එය අප දන්නා තරු අතරින් විශාලත ම තරුවකි. බිටල්ජුස් තරුව අප සූර්යයා මෙන් 100000 ගුණයක ආලෝකය නිකුත් කරයි. තම ජීවිතකාලයේ සැඳෑ සමය ගෙවමින් සිටින බිටල්ජූස් තරුව මිය යාමට ඉතා ආසන්නය.

 
<< Start < Prev 21 22 23 24 25 26 27 28 29 30 Next > End >>

Page 24 of 34

Related Articles