SkyLk Podcast EPS #23 – 2012?

2012 වසරේදී සිදුවෙනවා කියන ලෝක විනාශය කුමක්ද? අප බිය විය යුතු ද? මෙවර පොඩ්කාස්ට් වැඩසටහන වෙන්වන්නේ ලෝක විනාශය පිළිබඳ විද්‍යාත්මක විවරණයකට ය.

ඔබ සතුව තාරකාවිද්‍යාව හෝ ඒ ආශ්‍රිත ගැටලු වෙතොත් admin@skylk.com යන ඊ මේල් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න.

සවන් දෙන්න high quality (slow stream){audio}pod/EPS_23_2012_HI.mp3{/audio}

සවන් දෙන්න low quality (fast stream){audio}pod/EPS_23_2012_LOW.mp3{/audio}

[+]Download high quality [+]Download low quality

වැඩසටහනට අදාල ඡායාරූප:

අප ක්ෂිරපථයේ අවදානම් සහිත කලාපය සහ අප දැන් සිටින ස්ථානය

වැඩසටහනට අදාල සබැඳි:

asteroidwatch

spaceguard

Vast methane ‘plumes’ seen in Arctic ocean as sea ice retreats

Read More

EPS #21 Special relativity – විශේෂ සාපේක්ෂතාවාදය

මේ විශ්වයේ සෑම දේටම අදාල පොදු සිද්ධාන්තය මොකද්ද? අපි හැමෝටම තේරෙන විදියට ඒ ගැන කතා කරමු.

ඔබ සතුව තාරකාවිද්‍යාව හෝ ඒ ආශ්‍රිත ගැටලු වෙතොත් admin@skylk.com යන ඊ මේල් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න.

සවන් දෙන්න high quality (slow stream){audio}pod/EPS_21_Reletivity_Part_1_HI.mp3{/audio}

සවන් දෙන්න low quality (fast stream){audio}pod/EPS_21_Reletivity_Part_1_LOW.mp3{/audio}

[+]Download high quality [+]Download low quality

More Info වැඩිදුර විස්තර:

Theory of relativity

Special relativity

Read More

EPS #22 Properties of Stars – තාරකාවල ලක්ෂණ

රෑ අහසේ අපට පෙනෙන තරු විවිධාකාරයි. විවිධ වර්ණවලින් විවිධ ප්‍රමාණවලින් අපට පෙනෙන තරුවල ලක්ෂන මොනවාද? තරු එකකට එකක් වෙනස් වන්නේ කෙසේද? මෙවර වැඩසටහන ඒ වෙනුවෙන්.

ඔබ සතුව තාරකාවිද්‍යාව හෝ ඒ ආශ්‍රිත ගැටලු වෙතොත් admin@skylk.com යන ඊ මේල් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න.

සවන් දෙන්න high quality (slow stream){audio}pod/EPS_22_Properties_of_Stars_HI.mp3{/audio}

සවන් දෙන්න low quality (fast stream){audio}pod/EPS_22_Properties_of_Stars_LOW.mp3{/audio}

[+]Download high quality [+]Download low quality

වැඩසටහනට අදාල ඡායාරූප:

අසම්පාත කෝණය භාවිතයෙන් තාරකා වලට දුර මැණීම

තාරකාවට දීප්තතාවය සහ දුර අතර ඇති සම්බන්ධය

HR සටහන

Read More

තාරකා විද්‍යාවේ අතීත පියසටහන් (4 කොටස)

(තාරකා විද්‍යාවේ අතීත පියසටහන් පසුගිය කොටස හා සම්බන්ධවීමට)

ක්‍රිස්තු වර්ෂ 1868

සූර්යය ග්‍රහණ අවස්ථාවකදී සූර්යයාගේ වායුගෝලය නිරීක්ෂණය කරමින් සිටි විද්‍යාඥයෝ පිරිසක් විසින් වර්ණාවලීක්ෂයේ දීප්ත විමෝචන රේඛාවක් සොයාගත්හ.

මෙම රේඛා කිසියම් මූල ද්‍රව්‍යක් නිසා ඇතිවන බවත් මෙම මූල ද්‍රව්‍ය පෘථිවිය තුල එතෙක් සොයාගෙන නැති බවත් බ්‍රිතාන්‍ය ජාතික නොවර් ලොකියෝ පවසා ඇත.මොහු විසින් මෙම මූල ද්‍රව්‍ය ග්‍රීක බසින් “හිරු” යන අර්ථය ඇතිව “හීලියම්” ලෙස නම් කර ඇත.

ක්‍රිස්තු වර්ෂ1872

තරුවක වර්ණාවලිය ඡායාරූපයට ගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ. වේගා තරුවේ වර්ණාවලිය ඡායාරූපයට ගත කරමින් ඇමරිකාවේ හෙන්රි ඩ්‍රෙපර් විද්‍යාඥයා විසින් තරුවක් තැනී ඇති රසායනික සංයුතිය වර්ණාවලියේ දිස්වන අශෝෂණ රේඛා මඟින් පෙන්වා දී ඇත.මේ හේතුවෙන් බොහෝ විද්‍යාඥයෝ තරු වල පරිණාමය කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට වර්ණාවලිය යොදාගෙන ඇත.විලියම් හයිගින්ස් නම් තාරකා විද්‍යාඥයා මෙවැනි අවශෝෂණ රේඛා ඇසුරින් තරුවක රක්ත විස්ථාපනය(red shift) හැදෑරීමෙන් තරුවක් කෙතරම් වේගයෙන් චලිත වෙනවාදැයි සෙවීමට උත්සාහ කර ඇත.

ක්‍රිස්තු වර්ෂ1877

ඉතාලි ජාතික ජියෝවානි විසින් අගහරු ග්‍රහයා පරීක්ෂාකරමින් සිටියදී අගහරුමත ඇති විශේෂ රේඛා විශේෂයක් හඳුනා ගෙන ඇත.ඔහු විසින් මෙම රේඛා “කැනාලී” ලෙස හදුන්වාදුනි.නමුත් මොහොගේ ලිපි ලේඛන හා සිතුවම් පිළිබඳ අධ්‍යනය කල බොහෝ දෙනා සිතනු ලැබුවේ මෙම රේඛා යම් පිරිසක් විසින් කෘතිමව නිර්මාණය කර ඇති ඇල මාර්ග පද්ධතියක් බවයි.එහෙයින් අගහරු මත කිසියම් බුද්ධිමත් ජීවීන් කොටසක් වෙසෙන බව බොහොදෙනාගේ මතය විය.

ක්‍රිස්තු වර්ෂ1884

ඇමරිකාවේ වොෂින්ටන් හි එක් රැස්වූ තාරකා විද්‍යාඥයින් කාලගුණ විද්‍යාඥයි හා භූ විද්‍යාඥයින් ඇතුලු ලොව රටවල් රැසක විවිධ නිලධාරීන් විසින් ජාත්‍යන්තර වේලාව මැනීමට එංගලන්තයේ ග්‍රීනිවිච් මධ්‍යන රේඛාව යොදා ගැනීමට සම්මත කෙරිනි.

ක්‍රිස්තු වර්ෂ1891

අහස පිළිබඳ අධ්‍යනයේ යෙදුනු මැක්ස් වුල්ෆ් විසින් අහසේ ඡායරූප ලබා ගනිමින් නව ග්‍රහක රැසක් හදුනාගත්හ. එමගින් නව ග්‍රාහක බොහෝ සංඛ්‍යාවක් සොයා ගැනීමට මඟපෑදුනි.

ක්‍රිස්තු වර්ෂ1895

අදියර කිහිපයක් යටතේ අභ්‍යාවකාශ යානා පිළිබඳව මුලින්ම සිද්ධාන්ත ඉදීරිපත් කිරීමේ ගෞරවය කොන්ස්ටන්ටින් සිඔල්කොව්ස්කිටය.මෙහිදී ඔහු ගේ විශිෂ්ඨතම සොයා ගැනීම වන්නේ රික්තකයක් තුළින් වූවද ප්‍රචාලනය විය හැකි රොකට්ටුවකි.

 

කොන්ස්ටන්ටින් සිඔල්කොව්ස්කි

සිඔල්කොව්ස්කි රොකට්ටුවේ ආකෘතියක්

ක්‍රිස්තු වර්ෂ1901

තරු පිළිබඳව තොරතුරු අඩංගුකොට හෙන් රිඩ්‍රේප්‍ර නාමාවලිය එළිදැක්වීය.මෙලෙස එළිදැක්වීමේදී තරුවල වර්ණාවලි අනුව තරු වර්ගීකරන ක්‍රමයක් යොජනා කරන ලද්දේ ජ්ම් කැනන් නම් විද්‍යාඥයා වීසිනි.මෙම නාමාවලි වර්තමානයේද භාවිත වේ.

ක්‍රිස්තු වර්ෂ1905

ජර්මන් ජාතික මහාචාර්ය ඇල්බට් අයින්ස්ටයින් විසින් තාරකා විද්‍යාවේ මහත් විප්ලවයකට තුඩුදුන් අවකාශ කාලය අලලා සාපේක්ෂතාවාදය හෙලිකරන ලදී.තවද E = mc²යන සුප්‍රසිද්ධ සමීකරණය මගින් ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධතාවක් පෙන්වාදුන්හ. මෙම සමීකරණය සාපේක්ෂතා වාදය හේතුවෙන් බිහි වූවක් ලෙස සැලකේ.

ක්‍රිස්තු වර්ෂ1906

තරුවක නිරපේක්ෂ දීප්තිය මැනීමට ක්‍රමයක් සොයාගැනීම සිදුවිය. මේ අනුව අපගේ ක්ෂීරපථයේ ඇති තරුවලින් සියයට අනූවකම නිරපේක්ෂ දීප්තිය හා වර්ණය අතර සම්බඳකමක් ඇතිබවද පෙනවාදී ඇත.මෙම සොයා ගැනීම එජ්නර් හට්ස්ප්‍රන්ග් විසින් ඉදිරිපත් කළ අතර 1913 දී හෙන්රි රසල් විසින් තවදුරටත් රූපසටහන් මගින් පෙන්වාදී ඇත.

මතු සම්බන්ධයි.

Read More