EPS #12 අභ්‍යවකාශ ෂටල

නාසා ආයතනයට අයත් අභ්‍යවකාශ ෂටල පසුගිය දශක ගණනාව පුරා මනුෂ්‍යයින් ප්‍රවාහනය කිරීමට, චන්ද්‍රිකා සහ යානා ප්‍රවාහනයට පමණක් නොව විද්‍යාත්මක පර්යේෂණ සහ අභ්‍යවාකාශ මධ්‍යස්ථාන වල නඩත්තු කටයුතු සඳහාද භාවිතා කෙරිනි. මෙවර පොඩ්කාස්ට් වැඩසටහන වෙන්‍වන්නේ මෙම විශ්මිත නිර්මාණය වෙනුවෙනි.

Nasa space shuttle has served mankind for decades as the vessel for launching numerous satellites and interplanetary probes, conducting space science experiments, and servicing and construction of space stations. This episode of skylk podcast brings you some fascinating facts about this engineering marvel

සවන් දෙන්න high quality (slow stream){audio}pod/EPS_12_Space_Shuttles_HI.mp3{/audio}

සවන් දෙන්න low quality (fast stream){audio}pod/EPS_12_Space_Shuttles_LOW.mp3{/audio}

[+]Download high quality [+]Download low quality

More Info වැඩිදුර විස්තර:

http://www.nasa.gov/returntoflight/system/system_STS.html
http://science.howstuffworks.com/space-shuttle.htm
http://spaceflight.nasa.gov/shuttle

If you’ve got a questions for the skylk podcast team, please email to admin@skylk.com

 

Read More

EPS #14 අභ්‍යවකාශ මධ්‍යස්ථාන

අභ්‍යවකාශයේ ජීවිතය කෙබඳු ද? හුස්මගැනීමට වාතය නොමැති, බීමට ජලය නොමැති, විදුලිය නොමැති සහ වැසිකිළි නොමැති අභ්‍යවකාශයේ ! ඔබට සැබැවින්ම ජීවත් විය හැකි ද? සැබැවින්ම අභ්‍යවකාශ මධ්‍යස්ථාන වලට ස්තූති වන්නට අපට හැකියි. මෙවර පොඩ්කාස්ට් වැඩසටහන වෙන්වන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන සහ අභ්‍යවකාශයේ ජීවිතය ගැනයි.

Living in space:no air,no water,no power and no toilets! can you survive? can you work thrive and explore? fortunately we can thanks to space stations..find out more in this episode of skylk podcast.

ඔබ සතුව තාරකාවිද්‍යාව හෝ ඒ ආශ්‍රිත ගැටලු වෙතොත් admin@skylk.com යන ඊ මේල් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න.

සවන් දෙන්න high quality (slow stream){audio}pod/EPS_14_Space_Stations_HI.mp3{/audio}

සවන් දෙන්න low quality (fast stream){audio}pod/EPS_14_Space_Stations_LOW.mp3{/audio}

[+]Download high quality [+]Download low quality

More Info වැඩිදුර විස්තර:

අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුලදී ඇඳුම් සේදීමේ ක්‍රමය

{youtube}4Wcl6ZXrbj4{/youtube}

http://spaceflight.nasa.gov/living/index.html

http://www.issfanclub.com

If you’ve got a questions for the skylk podcast team, please email to admin@skylk.com

 

Read More

EPS #7 – Kaguya and Endeavor

පසුගිය දිනක කගුයා යානය චන්ද්‍රයා වෙත කඩා වැටීම ලොව පුරා සියළු දෙනාගේ අවධානය යොමුවූ කරුණක් විය. මේ අවස්ථාව දැක ගැනීමට සැම දෙනෙකුටම අවශ්‍ය විය. මෙම යානයෙන් සිදුවූ කාර්යය සහ ඉන් සොයාගත් අලුත් සොයාගැනීම් ඉතා වැදගත් ය.

මේ අතර එන්ඩෙවර් ස්පේස් ෂටලය පසුගිය 13වන දින අභ්‍යවකාශගත කිරීමට යෙදී තිබුනද කාර්මික ගැටළු හේතුවෙන් කල්දැමිණි. මෙවර වැඩසටහනින් එම යානා පිළිබදව කතා කරනු ඇත.

The very recently occurred, Kaguya moon probe smashed in to moon surface event took everyone’s attention. Everyone wanted to take a glimpse of it. It’s quite interesting to take a look at what this Kaguya mission is all about and why it crashed. Meanwhile, space shuttle Endeavor mission which was to be launched on 13th, was delayed due to some issues. This pod cast presents more about what exactly happened with these two missions.

සවන් දෙන්න high quality (slow stream){audio}pod/EPS_7_kaguya_and_endv_HI.mp3{/audio}

සවන් දෙන්න low quality (fast stream){audio}pod/EPS_7_kaguya_and_endv_LOW.mp3{/audio}

[+]Download high quality [+]Download low quality

More Info වැඩිදුර විස්තර:
http://www.kaguya.jaxa.jp/index_e.htm
http://www.newscientist.com/articleimages/dn17271/0-japanese-probe-set-to-crash-into-moon.html
http://www.nasa.gov/mission_pages/shuttle/main/index.html

If you’ve got a questions for the skylk pod Cast team, please email it in to admin@skylk.com

Read More

රොකට් තාක්ෂණයේ අතීත පියසටහන් (2 වන කොටස)

ක්‍රිස්තු වර්ෂ 1977

නාසා ආයතනය විසින් වෝයේජර් නම් යානා දෙකක් අභ්‍යාවකාශ ගත කරයි එම යානා දෙකෙන් එකක් බ්‍රහස්පතී,සෙනසුරු යන ග්‍රහයින්ගේ තොරතුරු සෙවීමටද අනෙක් යානය යුරේනස් සහ නෙප්චුන් ග්‍රහයින් ගේ තොරතුරු සෙවීමටද අහ්‍යාවකාශගත කරනලදී.

 

ක්‍රිස්තු වර්ෂ 1981

අභ්‍යාවකාශ යුගයේ ආරම්භයේ සිට පැවති රොකට් යානා වෙනුවට නවතම අභ්‍යාවකාශ යානා වර්ගයක් හඳුන්වා දෙයි.ඒවා “ෂටල” යානා ලෙස හඳුන්වයි. රොකට් මෙන් නොව මේවා නැවත  නැවතත් භාවිතයට ගත හැකිය,එය ෂටල යානාවල විශේෂත්වයි. ප්‍රථම ෂටලය වන්නේ කොලොම්බියා ෂටලයයි. බාහිර ඉන්ධන ටැංකිය,ඝන ඉන්ධන රොකට් බූස්ටර සහ ඔබිටර් යන  කොටස්වලින් සමන්විත මෙම ෂටල යානා දැවැන්ත මෙහෙයුම් සඳහා බෙහෙවින් යොදා ගැනේ.

ක්‍රිස්තු වර්ෂ 1983

තාරකාවිද්‍යාවට තවත් නව තාක්ෂණික  අංගයක්  එක්විය. එය අධෝරක්ත තාරකාවිද්‍යාවයි. අධෝරක්ත කිරණ විශ්ලේෂණය මගින් තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණ කිරීම මේ අයුරින් හදුන්වයි. 1983 දී  අධෝරක්ත විශ්ලේෂණය කළ හැකි ප්‍රථම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත  විය. එය IRAS (Infrared Astronomical Satellite) චන්ද්‍රිකාවයි.මෙම චන්ද්‍රිකාව මගින් විශ්ලේෂණය කරණු ලබන්නේ අධෝරක්ත නම් විශේෂිත වූ තාපජනක කිරණයක් බැවින් මෙම යානය නිතරම ඉතාමත් ශීතවිය යුතුය නැතහොත් අදාල විශ්ලේශණ අසාර්ථකවේ. එහෙයින් මෙම යානය ශීතල කිරීම සඳහා ද්‍රව හිලියම් යොදාගෙනඇත. මෙම යානය මගින් දින 900 ත් 1000ත් අතර කාලයක්  පුරාවටම විශ්ලේෂණයන් කර නවතම තොරතුරු රාශියක් සොයාගෙන ඇත.

ක්‍රිස්තු වර්ෂ 1986

යුරෝපය,රුසියාව සහ ජපානය යන රටවල් මගින් හැලීගේ ධූමකේතුව නිරීක්ෂණයට යානා කීපයක් අභ්‍යාවකාශ ගත  කරයි. යුරෝපය මගින් අභ්‍යාවකාශ ගත කල “ජියෝටෝ” යානය ඉතාමත් සාර්ථකව එම ධූමකේතුවේ කොමාව යන කොටස හරහා ගමන් ගෙන එහි න්‍යෂ්ටිය හා අභ්‍යන්තරය ජායාරූපයට ගෙන ඇත. රුසියාව හා ජපානය මගින් අභ්‍යාවකාශ ගත කල යානා එතරම් සාර්ථක නොවීය.

1986 දී සිවූ තවත් වැදගත් සංසිද්ධියක් වන්නේ චැලෙන්ජර් ෂටල අනතුරට පත්වීමයි. කාර්මික දෝෂයක් හේතුවෙන් චැලෙන්ජර් ෂටලය අනතුරට පත්වූබව සැලකේ. එතැන් පටන් නාසා ආයතනය ෂටල යානා අභ්‍යාවකාශ ගත  කිරිම නැවැත්වූ අතර ඉන් වසර 3කට පසු නැවතත් ෂටල අභ්‍යාවකාශ ගත කිරීමේ කටයුතු අරඹනලදී. මෙයට ප්‍රධානතම හේතුව වූයේ අනතුරෙන් පසු නිපදවූ සියලු ෂටල යානා විශේෂ විශ්ලේෂණයකට ලක්කිරීමෙන් පසු අභ්‍යාවකාශ ගත කිරීමයි.

ක්‍රිස්තු වර්ෂ 1990

1990 වර්ෂයේදී තාරකා විද්‍යාව සදහටම වෙනස් විය, ඒ හබල් දුරේක්ෂය අභ්‍යාවකාශ ගතවීමත් සමඟය.ෂටලයක් මගින් පෘථිවිය වටා කක්ෂගතකල  හබල් දුරේක්ෂය  අභ්‍යාවකාශයේ ඇති ඇසක් බඳුය. ඉතිහාසයේ ප්‍රසිද්ධම දුරේක්ෂයක් වන හබල් දුරේක්ෂයේ දර්පණයේ විශ්කම්භය මීටර 2.4 ක් වන අතර පෘථිවියෙන් එපිට පිහිටා ඇති නිසා හබල් දුරේක්ෂය වෙතින් ලැබෙන දර්ශණ ඉතා පැහැදිලිය. මෙම හබල් දුරේක්ෂයේ  විශේෂත්වය වන්නේ අධෝරක්ත කිරණ සහ පාරජම්බුල කිරණ ග්‍රහණය කර ගත හැකිවීමයි. හබල් දුරේක්ෂයේ පැවති දර්පණ දෝෂය 1993 දී නැවත් ප්‍රතිසංස්කරණය කරනලදී. හබල් දුරේක්ෂය මෙතෙක් දැක නොතිබූ විශ්වයේ නිහාරිකා, තාරකා,මන්දාකිණි රැසක්ම ඡායාරූපගත කිරීමට සමත්විය.මෙම හබල් දුරේක්ෂය තාරකා විද්‍යාවේ රසය තවතවත් වැඩි කිරිමට සමත්ය.

තවද 1990 වර්ෂයේදී නාසා ආයතනය මගින් ‘මැගලන් ‘ නැමති යානය අභ්‍යාවකාශ ගතකරයි.මෙම මැගලන් නම් යානය සිකුරු ග්‍රහයාවටා කක්ෂගතකර වසර තුනක්පමණ කාලයක් සිකුරු ග්‍රහයා ගේ ඡායාරූප සහ නවතම තොරතුරුද පෘථිවිය වෙත එවන ලදි.මෙම මැගලන් යානය ප්‍රධානතම අරමුණ වී ඇත්තේ ග්‍රහලෝක තරණය කිරීමයි. මැගලන් සමඟ තවත් සෙසු යානා 2ක් අභ්‍යාවකාශ ගත කෙරිණ.    මෙම යානා වලින් ගැලීලියෝ යානය බ්‍රහස්පතී ග්‍රහයා වෙතටද, කැසිනි යානය සෙනසුරු ග්‍රහයා වෙතටද ළගාවිය.මෙම යානා මගින් බොහෝමයක් නවතම තොරතුරු ලබාගැනීමට නාසා ආයතනය සමත්විය.

ක්‍රිස්තු වර්ෂ 1992

කොස්මික් බැක්ග්‍රවුන්ඩ් එක්ස්ප්ලෝරර් (Cosmic Background Explorer- COBE) නම් යානය අභ්‍යාවකාශ ගතවිය. මෙම යානය අභ්‍යාවකාශ ගත  කිරීමේ ප්‍රධානතම අරමුණ වී ඇත්තේ විශ්වයේ ඇති අන්තරීක්ෂ පසුබිම් විකිරණ විශ්ලේෂණය කිරිමයි. මහා පිපිරුමෙන් පසුව විශ්වයේ ඉතිරි වූ පසුබිම් විකිරණය විශ්ලේෂණය කොට එය සිතියම් ගත කිරීමට මෙම යානය සමත් විය.

ක්‍රිස්තු වර්ෂ  1998

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධයස්ථානයේ වැඩ අරඹන ලදී.මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පෘථිවිය වටා කක්ෂගත කරයි. ජාතීන් කීපයක එකමුතුවෙන් වැඩ අරඹන ලද මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුල එක වරකට අභ්‍යාවකාශ ගාමීන් සත් දෙනකුට පර්යේෂණ කටයුතු කල හැකි  අතර පෘථිවිය මත සිදුකල නොහැකි අවදානම් පර්යේෂණ කටයුතු මෙම මධ්‍යස්ථානය තුල සිදුකිරිමට හැකිය.මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ප්‍රමාණයෙන් පාපන්දු පිටියක් තරම් විශාලය.

ක්‍රිස්තු වර්ෂ 2004

අගහරු  ග්‍රහයා පිළිබඳ තොරතුරු සෙවීමට “මාර්ස් එක්ස්ෆෝලරේෂන්” රෝවරය අගහරු වෙත යවන ලදී. මෙම යානයේ උපයානා දෙක වන “ස්පිරිට්” සහ “ඔපට්‍යුනිටි” යන රෝවර දෙක අගහරු ග්‍රහයාගේ පෘෂ්ඨය මතට පතිත කර අගහරු ග්‍රහයාගේ නවතම තොරතුරු රැසක්ම හෙලිකර ගැනීමට ඇමරිකාව සමත් විය.

ක්‍රිස්තු වර්ෂ 2005

ඇමරිකාවේ විද්‍යාඥයින් පිරිසක් විසින් “ටෙම්පල් 1” නම් වූ ධූමකේතුව නිරීක්ශණය කර තොරතුරු  සෙවීමේ අරමුණ ඇතිව “ඩීප් ඉම්පැක්ට්” යානය අභ්‍යාවකාශ ගත කරයි. එම යානාව ධූමකේතුවේ ඝට්ටනය වීමට සලස්වා එමගින් නවතම තොරතුරු රැසක් වාර්තාකරන ලදී.

ක්‍රිස්තු වර්ෂ  2006

මෙතෙක් අප සෞරග්‍රහ මණ්ඩලයට අයත්ව පැවති ග්‍රහයි නවදෙනාගේ සංඛ්‍යාව අටක් දක්වා පහල වැටුණි. “ජාත්‍යන්තර තාරකා විද්‍යා සම්මේලනය” මගින්  ගනු ලැබූ තීරණයක් මත මෙසේ සිදුවිය. මෙයට හේතුව වූයේ ප්ලූටෝ යනු වාමන ග්‍රහයකු හෙවත් ක්ෂුද්‍ර ග්‍රහයක් ලෙසට නම් කිරීමයි. එහිදී ග්‍රහලෝකයේ ප්‍රමාණය සැලකිල්ලට ගෙන ඇත. අනෙක් ග්‍රහලෝකහා සසඳන කල ප්ලුටෝට ග්‍රහලෝවක් වීමට සැලකියයුතු තරම් විශාලත්වයක් නොමැත. ප්ලූටෝද ,සෙඩ්නා චාරෝන් සෙරස්යන වාමාන ග්‍රහ තත්වයට පත්වුණි.

ක්‍රිස්තු වර්ෂ 2007

චන්ද්‍රයා පිළිබඳ අධ්‍යනය සඳහා ජපානයෙන් යානයක් අභ්‍යාවකාශ ගත  කරයි.ජපානයේ Tanegashima දූපතෙන් H-2A රොකට්ටුවෙන් මෙම යානය අභ්‍යාවකාශ ගතකරනලදී.මෙම යානය “කගුයා”(Kaguya) නම් වේ. මෙම යානය අභ්‍යාවකාශ ගත කිරී‍මේ ප්‍රධානතම අරමුණ වී ඇත්තේ චන්ද්‍රයාගේ උපත, පැවැත්ම හා චන්ද්‍රයාගේ සංයුතීන් පිළිබඳ අධ්‍යනය සඳහාය.

ක්‍රිස්තු වර්ෂ 2008

ඉන්දියානුවන්ද චන්ද්‍ර ගවේෂණ කටයුතු සඳහා යානයක් අභ්‍යාවකාශ ගතකරයි. එය”චන්ද්‍රයාන්-1″ නම් වේ. චන්ද්‍රයාන්-1 යානය චන්ද්‍රයා වටා කක්ෂ්‍ය ගතකොට චන්ද්‍රයාගේ නවතම ඡායාරූප සහිත තොරතුරු රැසක් ලබා ගැනීමට ඉන්දියාව සමත්විය.

මීට අමතරව වට ඉතා දිගුඅතීතයක් ඇත.නමුත් මෙම ලිපි පෙළෙහි අඩංගු වන්නේ එම දිගු අතීතයේ විශේෂ අවස්ථාවන් වේ.

Read More