(තාරකා විද්‍යාවේ අතීත පියසටහන් පසුගිය කොටස හා සම්බන්ධවීමට)
ක්‍රිස්තු වර්ෂ 1800
සූර්ය ආලෝක කිරණ ප්‍රිස්මයක් හරහා යවා ප්‍රිස්මය තුලින් වෙන්වන එක් එක් වර්ණ වලට අදාළ ප්‍රදේශවල උෂ්ණත්වමාන තබා එම වර්ණ වලට අදාල උෂ්ණත්වය මැන වර්ණාවලිය හැදෑරූ ප්‍රථම අවස්ථාවයි.
මෙලෙස විලියම් හර්ෂල් නම් විද්‍යාඥයා විසින් නියම කරණු ලැබූයේ තරුවක පිටවන ආලෝක වර්ණාවලියයි.එහිදී රතු අනන්තයට ඔබ්බෙන් ශක්තියෙහි ක්ෂනික වැඩිවීමක් දුටු ඔහු ඒ අතර අදෘශ්‍යමාන අධෝරක්ත කිරණ පවතින බව සොයාගෙන ඇත.
ක්‍රිස්තු වර්ෂ 1801
පෙර සියවසයක්දී ගුයිසෙප් පියාසි විසින් අගහරුත්,බ්‍රහස්පතීත් අතර පිහිටි වස්තුවක් සොයාගෙන එය සෙරස් ග්‍රහයා ලෙස නම්කර ඇත.එහෙත් කි.මි 320 ක් විශ්කම්භයක් ඇති මෙය කිසිසේත් ග්‍රහලොවක් නොහැකි බව විලියම් හර්ෂල් විසින් පෙන්වා දී ඇත. ඔහු විසින් එය ග්‍රහකයක් ලෙස නම් කර ඇත.ඉන් අනතුරුව මේ කලාපයේ තිබී ග්‍රහක රැසක්ම සොයා ගැනිණි.නමුත් වර්තමානයේදී සිදුකර ඇති ගණනය කිරීම් අනුව සෙරස්ගේ සැබෑ විශ්කම්භය කි.මි932ක් වේ.නමුත් එය ග්‍රහලොවක් ලෙස සැලකීමට ප්‍රමාණවත් විශ්කම්භයක් නොවේ.
ක්‍රිස්තු වර්ෂ 1814
ලොව ප්‍රථම වර්ණාවලීක්ෂය
ලොව ප්‍රථම නිවැරදිම වර්ණාවලිමානය හෙවත් වර්ණාවලීක්ෂය නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ජෝෂප් වෝන් ෆ්‍රරෝන්හොෆර් නම් විද්‍යාඥයාටයි.මොහු මෙම වර්ණාවලිමානය මගින් හිරුඑළියේ ඇති වර්ණ හදාරන විටදී වර්ණාවලිය තුල අදුරු පැහැ රේඛා සියයකට ආසන්න ප්‍රමාණයක් හඳුනා ගත්හ.මෙම රේඛා පිළිබඳ වැඩි දුර අධ්‍යයනය කල මොහු මෙම රේඛා මඟින් සූර්යයාගේ වායුගෝලයේ ඇති මූල ද්‍රව්‍ය නිරූපනයවන බව1859 දී සොයාගැනින. මෙම වර්ණාවලීක්ෂය මඟින් තරුවක ඇති සංයුතිය හඳුනා ගැනීමට බෙහෙවින් යොදා ගෙන ඇත.
ක්‍රිස්තු වර්ෂ 1838
තරුවකට ඇති දුර ආසන්න වශයෙන් සෙවීමට හැකි ක්‍රමයක් සොයා ගැනීම මෙම වර්ෂයේදී සිදුවිය.ෆෙඩ්‍රිරිච් බෙස්ල් නම් විද්‍යාඥයා විසින් සොයාගත් මෙම ක්‍රමයෙන් සිග්නි 61 නම්වූ තරුවකට ඇති දුර ගණනය කර ඇති බව සඳහන් වේ.
ක්‍රිස්තු වර්ෂ 1843
සූර්යය ලප චක්‍රයක් ඇතිබව මෙම වර්ෂයේ හෙළිවිය.හෙන් රිච් ෂේවෝබ් නම් ජර්මන් ජාතික ආධුනික තාරකා විද්‍යාඥයා විසින් වසර 17ක් පුරා මෙලෙස සූර්යයා නිරීක්ෂනය කරමින් සූර්යය ලප චක්‍රයක් ඇතිබවත් එම සූර්යය ලප වැඩිවිමින් අඩුවෙමින් නැවත් වැඩිවෙමින් යන චක්‍රයක් ආකාරයට සිදුවන බවත්.මෙලෙස වසර 17 කට පසු නැවත වරක් මෙම චක්‍රයට සූර්යය ලප දැකිය හැකි බවත් ඔහුවිසින් සොයා ගෙන ඇත.මෙම සොයා ගැනීමේන් සූර්යයාට අභ්‍යන්තරයක් ඇති බවද හෙළිවිය.
ක්‍රිස්තු වර්ෂ 1845
තාරකාවිද්‍යා ඡායාරූපකරනයේ (Astrophotography) උපත 1845 දී සිදුවිය.ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයන් වූ ජීන් ෆෝකෝල්ට් සහ ආමන්ඩ් ෆිසෝ විසින් ප්‍රථම වරට හිරුගේ පෘෂ්ඨය ඡායාරූප ගත කෙරින.දුරේක්ෂයක් ආධාරයෙන් ගනුලැබූ හිරුගේ මෙම සවිස්තරාත්මක ඡායාරූපය ලොවපුරා ප්‍රසිද්ධව ඇත.ඊට පසු ගතවූ පස් වසර තුල තාරකා විද්‍යාඥයින් විසින් සඳෙහි ඡායරූප ලබාගැනීමටද සමත්ව ඇත.නමුත් එම වකවානුවේ තිබූ දළ සේයාපටල සංවේදීකමින් අඩු බැවින් තාරකා සහ අනෙක් ගැඹුරු ආකාශවස්තු ඡායරූප ගත කිරිමට නොහැකිවී ඇත.
ක්‍රිස්තු වර්ෂ 1846
යුරේනස් ග්‍රහයාට පිටුපසින් තවත් ග්‍රහලොවක් ඇතිබවට ප්‍රංශයේ සිටි අර්බයින් ලිවේරියර් සහ ජෝන් සී ඇඩම්ස් විසින් ගණිතානුසාරයෙන් පෙන්වීමත ජර්මන් ජාතික තාරකා විද්‍යාඥයකු වූ ජොහාන් ගොඩ්ෆ්‍රීඩ් ගෝල් විසින් නෙප්චූන් නම් ග්‍රහයා සොයා ගැනීමට සමත්විය.
ක්‍රිස්තු වර්ෂ 1864
විලියම් හර්ෂල් විද්‍යාඥයාගේ පුතෙකු වූ ජෝන් හර්ෂෙල් විසින් නිහාරිකා සහ තරු පොකුරු 5,000 වැඩි ප්‍රමාණයක් ඇතුලත් තාරකා නාමාවලියක හඳුන්වාදී ඇත.