(තාරකා විද්‍යාවේ අතීත පියසටහන් පසුගිය කොටස හා සම්බන්ධවීමට)
ක්‍රිස්තු වර්ෂ 1916
තරුවක් නිශ්චිත ප්‍රමාණයට වඩා සංකෝචනය වූවිට එම තරුවේ ඇති ගුරුත්වාකර්ෂණ බලය ඉතා ප්‍රබල බවත් කිසියම් වස්තුවකට හෝ විකිරණයකට එයින් ගැලවී ගමන්කල නොහැකි බවත් මේ අවස්ථාව කළු කුහර (Black hole) බිහිවීමක් බවත් ඇල්බට් අයින්ස්ටයින් සහ කාල් ෂ්වොස්විල්ඩ් නම් භෞතික විද්‍යාඥයින් විසින් සාපේක්ෂතාවාදය ඇසුරු කරගනිමින් මතවාදයක් ගොඩනැගීය.
ක්‍රිස්තු වර්ෂ 1917
ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥ හාලෝ ෂාප්ලි විසින් ක්ෂීරපථය පිළිබඳ නිවැරදි අදහසක් එළිදැක්වීය. එවකට “ක්ෂීර පථය හරිමැද අපගේ සූර්යයා පිහිටා තිබේයයි” මතයක් පැවති අතර එම මතය වැරදි බවත් ක්ෂීරපථයේ මධ්‍යයේ සිට ආලෝකවර්ෂ 30,000ක් ඇතින් ඇති බාහුවක අපගේ සූර්යයා පිහිටා ඇති බවත් ඔහු විසින් පෙන්වාදී ඇත.
ක්‍රිස්තු වර්ෂ 1923
ඇමරිකානු ජාතික එඩ්විඩ් පවල් හබල් විද්‍යාඥයා ඇන්ඩ්‍රොමීඩා නිහාරිකාවේ ඇති විචල්‍ය තරුවක් හඳුනාගනී. තවද ක්ෂීරපථය තුල සියලුම මන්දාකිනි ඇති බවට තිබූ මතය වැරදිබවද එම චක්‍රාවාට අප ක්ෂීරපථයෙන් ආලෝකවර්ෂ ගනනාවක් ඉතා ඈතින් පිහිටා ඇති බවත් පෙන්වාදීමට යෙදුනි.1925 වනවිට ඔහු චක්‍රාවාට වර්ගීකරණය කරනලදී. එම වර්ගීකරනය හබල්ගේ “සරසුල මන්දාකිනි වර්ගීකරනය” ලෙස හදුන්වයි.
හබල්ගේ සරසුල මන්දාකිනි වර්ගීකරනය
හබල්
ක්‍රිස්තු වර්ෂ 1926
රොකට්ටුවක් නිර්මාණය කර ගුවන්ගත කිරීම සිදුවිය.ද්‍රව ඉන්දන යොදාගැනුණු මෙම රොකට්ටුව රික්තකයක් තුලින්ද ගමන් කල හැකිය. මෙම රොකට්ටුව රොබට් ගොඩාඩ් විසින් නිර්මාණයකල අතර පසුව ඔහු විසින් නිපදවූ අනෙක් රොකට්ටුව ශබ්දයේ වේගය ඉක්මවා යයි.වර්තමානයේ භාවිතා වන රොකටුද මොහුගේ රොකට් පිළිබඳ නියමයට අනුව නිපදවයි.
රොබට් ගොඩාඩ් ඔහු නිර්මාණය කල රොකට්ටුව සමඟ
ක්‍රිස්තු වර්ෂ 1929
චක්‍රාවාට එකිනෙකින් ඈත්වන බවත් .එනම් විශ්වය ප්‍රසාරණය වනබවත් ඇතින් ඇති චක්‍රාවාට වඩා වේගයෙන් අපෙන් ඉවතට ගමන් ගන්නා බවද එඩ්විඩ් පවල් හබල් සොයාගත්හ.එය හබල් නියතය ලෙස ලොවට හදුන්වාදුනි. හබල් විසින් මේ පිළිබඳව වැඩිදුරටත් වර්ණාවලිය මගින් අධ්‍යනයේ යෙදුන අතර විශ්වයේ ආයු කාලය වසර බිලියන 15 ක් පමණවන බව ප්‍රකාශකර ඇත.ඉන් වසර දෙකකට පසුව විශ්වයේ ප්‍රසාරණයෙහි මුල මහා පිපිරුමක් බව ජෝර්ජ්ස් ලෙමයිටේ විසින් පෙන්වාදෙයි. ඒ ඇසුරෙන් මහා පිපුරුම් වාදය ගොඩ නැගින.
ක්‍රිස්තු වර්ෂ 1930
දසවැනි ග්‍රහලොව එනම් ප්ලූටෝ සොයා ගැනීමේ ඓතිහාසික සංසිද්ධිය සිදුවිය. ඇමරිකානු ජාතික කලයිඩ්ස් ටොම්බා විසින් අරිසෝනාහි ඇති ලොවෙල් නිරීක්ෂණාගාරයේදී ප්ලූටෝ සොයාගැනීමට සමත් විය.නමුත් වර්තමානයේ ප්ලුටෝ ග්‍රහලොවක් ලෙස සලකණු ලබන්නේ නොමැත.එය වාමාන ග්‍රහ තත්වයේ පවතින අතර ප්ලූටෝ වාමාන ග්‍රහයා ලෙස නම්කරයි.
කලයිඩ්ස් ටොම්බා
සුබ්‍රමනියන් චන්ද්‍රසේකර් නම් වූ ඉන්දීය තාරකා විද්‍යාඥයා තරුවක වාමාන අවස්ථාව හඳුන්වා දුනි.කිසියම් තරුවක ස්කන්ධය 1.44ට වඩා වැඩිවූවිට එම තරුව පිපිරී අවසානයේ සුදු වාමාන තරුවක් බවට පත්වන බවට ඔහු විසින් ප්‍රකාශකර ඇත. 1933 දී සිදුවූ මෙවැනි පිපිරුමක් ඇසුරින් නියුට්‍රෝන තරුවක් බිහිවන බව වෝල්ටර් බාඩී සහ ෆරීට්ස් ස්වික් විසින් ප්‍රකාශකර ඇත.
ක්‍රිස්තු වර්ෂ 1932
රේඩියෝ තාරකා විද්‍යාව කාල් ජැන්ස්ක් නම් විද්‍යාඥයකු විසින් ලොවට හදුන්වා දෙයි.මොහු විසින් අභ්‍යාවකාශයේ සිට පැමිනෙණ රේඩියෝ තරංග ප්‍රථම වරට හදුනා ගෙන ඇත.සුර්යයාගෙන් පැමිණෙන රේඩියෝ තරංගද මොහු විසින් හදුනාගත්හ.ඉන් වසර 7කට පසුව කැබ් නිහාරිකාව ,M 87 හා සෙන්ටෝරස් A යන වස්තූන්ගෙන්ද පැමිණෙන රේඩියෝ තරංගද මොහු විසින් හදුනා ගැනීමට සමත්විය.
ක්‍රිස්තු වර්ෂ 1938
ජර්මන් ජාතික තාරකා භෞතික විද්‍යාඥ හෑන්ස් බීත් විසින් තරුවක ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් ඉදිරිපත්කරයි. තරුවක් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් සිදුකරන බව පෙන්වාදුන් අතර හඩ්‍රජන් හීලියම් බවට පත්වීමේදී විශාල ශක්තියක්ද නිකුත් කරන බව සොයාගෙන ඇත.මෙහිදී තරුවකට අවුරුදු බිලියන ගණනාවක් පුරා ශක්තිය නිපදවිය හැකි බවද ඔහු පෙන්වාදුනි.
ක්‍රිස්තු වර්ෂ 1944
ප්‍රථම බැලැස්ටික මිසයිලය නිපදවනු ලැබීය.V2 ලෙස මෙය හැදින්වු අතර මේ සඳහා රොකට් තාක්ෂණය යොදාගත්හ. මෙය වර්නර් බ්‍රෝන් ප්‍රමුඛ පරමාණු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් නිපදවූහ.මේ කණ්ඩායම දෙවන ලෝක යුද්ධයෙන් පසු අත් අඩංගුවට ගැනුණු අතර ඇමරිකානු හා රුසියානු රොකට් තාක්ෂණ කටයුතු සංවර්ධනයට මොවුන්ව යොදාගෙන ඇත.
V2 රොකට්ටුව
ක්‍රිස්තු වර්ෂ 1948
ලොව විශාලතම දුරේක්ෂයවන හේල් දුරේක්ෂය කැලිෆෝනියාවේ පැලෝමර් කන්දෙහි ක්‍රියාත්මක කෙරිණ.මෙම දුරේක්ෂයේ දර්පණය මීටර 5.1 විශ්කම්භයකින් සමන්විතවන අතර මෙහි උස මීටර 1713 වේ.
හේල් දුරේක්ෂය